"කලින් හැසිරුණු විදිය ගැන මට සමාවෙන්න. ඒත් හිතන්න එපා ඔයා කරපු දේට මං සම්පූර්ණයෙන්ම සමාව දුන්න කියලා." කෙල්ල කෝච්චිය වගේ කියවගෙන ගියා. "අද ටිකක් වේලාසනින් ගිහින් නිදාගන්න. හෙට ලොකු ගමනක් යන්න තියෙනවා නේ. එහෙනම් මම යනවා බායි" එහෙම කියපු කෙල්ල ඉක්මනටම ඔෆිස් ඕනේ කින් වාෂ්ප වෙලා ගියේ එයාගේ රතුවුණු මූණු කොහොමටවත්ම කොල්ලට පෙන්නන්න ඕන වුණේ නැති නිසා. කොල්ල නම් ෆුල් කොන්ෆියුස් වෙලා බලන් හිටියේ සැරින් සැරේට මූඩ් එක එක එක විදිහට වෙනස් කර ගන්න කෙල්ල දිහා බලාගෙන.
කොහොම හරි උන ලැජ්ජාව වහගන්න කෙල්ල කෑ ගහගෙනම එලියට ගියා. ඊළඟ දවසේ උදේ 10ට තියෙන ෆ්ලයිට් එකට පැය දෙකකට කලින් එයාර්පෝට් එකට යන්නත් ඕනනේ. හේරින් නම් වේලාසනින්ම ලෑස්ති වෙලා උදේ අට වෙද්දි droom එකට ගියේ ජින්ව එක්ක වෙන්න ඕන නිසයි. ඒත් කෙල්ල යද්දි ජින් තාම ලෑස්ති වෙනවා. උදේ 8:30 වෙද්දි එයාලා එයාපෝට් එකේ ඉන්න ඕන. ජින් නම් මුළු රෑම නිදාගෙන නැති පාටයි ඇස් දෙකත් හොඳටම රතුවෙලා. හේරින්ගේ කියලත් වැඩි වෙනසක් නැහැ ඉතින්. ඊයේ උන දේ ගැන හේරින්ට නම් මාරම ලැජ්ජයි. ඉතින් කෙල්ල මෙච්චර දවස් ගෑස් පෙන්නලා ඊයේ මාරම පිස්සුවක් නැටුවා නේ හොඳටම අඩලා.කෙල්ල දැන් කල්පනා කර කර ඉන්නෙ කොහොමද මුකුත් උනේ නෑ වගේ act කරන්නේ කියලා.
කොහොමහරි අන්තිමේදී ජින් ලෑස්ති වෙලා පල්ලෙහාට ආවා. කොල්ලා නාපු ගමන්ම වගේ. කොන්ඩෙත් හරියට වේලිලා නැහැ. සූට් කේස් එකත් අරන් පඩිපෙළ දිගේ පල්ලෙහාට ආපු විදියට නම් ඕන කෙනෙක්ට පිස්සු හැදෙනවා. මොකද කොල්ලා ඒ තරමටම hot.
හුළඟට එහාට මෙහාට වෙන්න දඟලපු කොන්ඩෙත් එකාතකින් හද හද පඩිපෙල බැහැගෙන ආපු කොල්ලව දැකපු හේරින්ට නම් හිතුණේ එයාගේ හාට් එකේ කර්ණිකා දෙකයි කෝෂිකා දෙකයි රේස් එකක් තියෙනවා වෙන්න ඇති කියලාමයි. කටත් ඇරන් ටික වෙලාවක් කෙල පෙර පෙර කොල්ලා දිහා බලන් ඉද්දි තමයි කෙල්ලට මතක් උනේ කොල්ලට එයාව පේනවා නේද කියලා. කෙල්ල එසැණින් ඔලුව දෙපැත්තට ගසල එයාගෙ සුපුරුදු ජින් ගාවදි විතරක් දාන උඩඟු මූණ ම මවා ගත්තා. කොල්ලො පඩිපෙලෙන් බැහැපු ගමන්ම වගේ කෙල්ල ටිකක් තරහින් කතා කරන්න ගත්තා. මොනව උනත් ඔක්කොටම වඩා ලැජ්ජාවයි ලොකුකමයි ලොකුයි කියනවලුනේ.
YOU ARE READING
ɱყ σɳℓเɳε ℓσѵε (Completed)
FanficHeerin, who was left alone with the death of her mother, lost her loneliness by listening to songs. But her life was changed because of a friend she met in a Whatsapp group on her 18th birthday. Will she be able to ove come with the loneliness beca...