A/N pov
"ආයිෂ්.... මම මගේ ගර්ල්ෆ්රෙන්ඩ්ව බලන්න යන්න හොඳටම පරක්කු වෙලා." සූවොන් දැනුම් දුන්නා. "එයා මාත් එක්ක තරහ වෙලාද දන්නෑ."
"ප්ෆ්ට්... මොකා.. කැහ් කැහ්." බිබී හිටපු මිල්ක්ෂේක් එක හිර වුන තාඕ කහින ගමන් ඇහුවා .
"මොකක් කිව්වා?" හේරිනුත් පුදුම වෙලා වගේ ඇහුවා.
"ඔයාලට පස්සේ පූදුම වෙන්න පුලුවන්. දැන් යමු නූනා" සූවොන් හේරින්ගේ අතින් අදින ගමන් කිව්වා.
"මේ ඔයාලා කොහේටද යන්නේ?" තාඕ ඇහුවේ ඔලුව දාන ගමන්.
"Forest side එක ගාවට හයුන්ග්. ඔයාත් එනවා නම් එන්න. මට ඔයාලට මගේ girlfriend පෙන්නන්න ඕන." සූවොන් කිව්වා. එලලේ තාඕගේ මූණේ ඇදුන හිනාව නම් කවුරුවත්ම දැක්කේ නෑ කියලා මම කිව්වා නම් හරි
"ඒ පොඩි යකා ඔයාට පිස්සුද මො කලබල අස්සේ forest side එකට යන්න? තව හතරකින් හේරින්ගේ වෙඩින් එක." තාඕ මතක් කරද්දි මෙච්චර වෙලා හිනාවකින් පිරිලා තිබුණ හේරින්ගේ මූණ නම් හොදටම බෙරිවෙලා ගියා.
"ආයිශ් හයුන්ග් ඕවා ගැන පස්සේ හිතන්න එන්න යමු. අනික තව දවස් හතරක්ම තියෙනවා නේ. " අන්තිමේදි සූවොන්ගේ බල කිරීම මත තුන්දෙනා එක්කම forest side එකය යන්න පිටත් වුනා. හේරින්ගෙයි සූවොන්ගෙයි හරාබොජිගේ ඒ කිව්වේ යොන් හන්ගේ ආරක්ෂකයෝ එයාලගේ පස්සෙන් එන්න හැදුවත් තාඕ කොහොම හරි එයාලව ගෙදරම නැවැත්තුවේ තමන්ගේ නංගිට ටිකක් හරි ආරක්ෂකයා නැතුව ඉන්න නිදහසක් දෙන්න ඕන කියලා කොල්ලාට හිතුන නිසා. එයාගේ හිතේ එවලේ වැඩ කරපුවා නම් කවුරුවත්ම දන්නෑ. ඒත් ඉතින් ඒ බැරෑරුම් පෙනුමට අනුව නම් කොල්ලා ලෝකෙම පෙරලන්න ප්ලෑන් ගහනවා කියලා කාට උනත් කියන්න පුලුවන්. අවාසනාවකට වගේ යොන්හන් හේරින්ට දාපු ප්රධාන ආරක්ෂකයා නම් එයාලත් එක්ක ආවේ සූවොන්ගේ වගේම තාඕගෙත් මූණූ ටිකක් විතර නරක් කරමින්.
ටික දුරක් යද්දි එයාලට වාහනයකින් යන්න බැරි තරම් පටු පාරක් හම්බ වුනා. ඇත්තම කිව්වොත් එතන කොච්චර ලස්සන වුනත් යන්න වුනේ පයින්. ඉතින් කට්ටියම වාහනේ එතන නවත්තලා පයින්ම කන්ද නගින්න පටන් ගත්තා.
YOU ARE READING
ɱყ σɳℓเɳε ℓσѵε (Completed)
Fiksi PenggemarHeerin, who was left alone with the death of her mother, lost her loneliness by listening to songs. But her life was changed because of a friend she met in a Whatsapp group on her 18th birthday. Will she be able to ove come with the loneliness beca...