-"හ්යොන් තේකක් ගේන්නකෝ"
ජීන්ගේ පුංචි හුරතලා උන මම එහෙම කියන ගමන් cough එකෙන් ඉදගත්තේ එතනම හිටපු ජන්කුක්ගේ ඔලුවටත් පාරක් ගහගෙනමයි...
-"තමුසෙට මොකද හ්යොන් වෙලා තියෙන්නේ කොයිවෙලෙත් ගහන එකමයි වැඩේ.."
ජන්කුක් මටත් කෑගහගෙනම එතනින් නැගිටලා පඩිපෙල දිහාවට ඇවිදන් ගීයා...ඇත්තටම ජන්කුක්ට මේ වෙලාවේ ගොඩක් තරහ ගිහින් හිටියේ මොකද කියලා මන් දන්නැති උනත් මට අදහසක් තිබුනා ජන්කුක්ගේ බනානා මිල්ක් ඔක්කොම ටික කව්රුහරි හොරෙන් බීලා නිසා වෙන්න ඇතී තරහ ගිහින් ඉන්නේ කියලා...මොකද ජන්කුක්ට අපෙන් පස්සේ වටිනම දේ උනේ එයාගේ බනානා මිල්ක් ටික විතරයි...
-"ඕයි ජන්කුකී ජිමීනා කෝ.."
-"මම දන්නේ කොහොමද ඕනනම් හොයාගන්නවා"
මගේ ප්‍රශ්නෙට තරහින්ම උත්තර දුන්න ජන්කුක් තමන්ගේ කාමරේට ගියේ ජීන් හ්යොන් තේකත් අරගෙන මන් ගාවට එනකොට...
-"මොකද හ්යොන් අර ජන්කුක්ට වෙලා තියෙන්නේ.."
-"ජීමින් උදේ බඩගිනී කියලා කෑ ගගහා හිටියා ඉතින් මම කියුවා කුකීට හොරෙන් බනානා මිල්ක් එකක් බොන්න කියලා මේකා ඔක්කොම ටික බීලා.."
-"දැන් කුකී දන්නවද ජීමිනා බියුවා කීයලා.."
-"නෑ නෑ ඒක දැනගත්ත නම් තව දෙක තුනක් ජීමින්ට කොට වෙන්න තමා වෙන්නේ.."
මම ජීන් හ්යොන් එක්කම හිනාවෙවී ඉන්නකොට මගේ පැත්තට දුවගෙන ආවේ මගේ බලු පැටීයා රෙක්ස්...බලු පැටියෙක් කියුවට පැටියෙක්ම නෙමෙයී ඉතින්....
-"රෙක්ස් බබා කෝමද අනේ ඔයාට...කාලෙකින් පැටියව දැක්කෙත්..."
මම රෙක්ස්ව හුරතල් කරන අතරේ ජීන් හ්යොන් හිනාවෙවීම එතනින් ගියේ දවල්ට කෑම හදන්න...මට රෙක්ස්ව බලන්නවත් වෙලාවක් තිබුනේ නැති තරම් මොකද හොස්පිට්ල් එකේ වැඩ වලටම බිසී වෙලා ගෙදර එනකොටත් පාන්දර වෙනවා අද තමයි මට පොඩි හරි විවේකයක් ලැබුනේ....
-"ටේහ්යොනා..."
රෙක්ස්ව හුරතල් කර කර ඉන්න අතරේ
මගේ නම කතා කරන සද්දෙට දොර දිහා බලද්දී ඇස්වල කදුලු පුරෝගෙන හිටියේ ජීමින්....මම ඇස්වලින් ඇයි කියලා අහනවත් එක්කම ජිමින් දුවගෙන ඇවිත් මාව බදාගත්තා...-"ඒ බන් ඇයි මේ..ජිමිනා හැමදේම හොදින් නේද.."
මන් කොච්චර සැරයක් එකම දේ ඇහුවත් ජීමින් කරේ මාව බදාගෙන අඩපු එක විතරයි..ඒනිසාම මම ජීන් හ්යොන්ටයි ජන්කුක්ටයි කතා කරා...
-"හ්යොන් ඇයි අඩන්නේ..මොකද උනේ කියනවකෝ..."
-"ජීමින් අඩන එක නවත්තලා උනේ මොකක්ද කියන්නකෝ හ්යොන්ව බය නොකර.."
ජීන් හ්යොන් කියනවත් එක්කම ජිමින් මගෙන් අයින් වෙලා මේ හැමදේම දිහා බලන් හිටපු රෙක්ස්ව තුරුල් කරගත්තේ බිම ඉදගෙන....
-"සූයොන් එයාට වෙන කෙනෙක් ඉන්නවා..මම දන්නෑ මම එයාට කිසිම දේක අඩුවක් කරේ නෑ..ඒත් එයා අද ඇවිත් මට කියුවා එයාට වෙන කෙනෙක් ඉන්නවා නෙක්ස්ට් මන්ත් මැරි කරනවා කියලා..."
ජීමින් තවත් අඩනකොට ඒකාව සනසන්න විදියක් අපි දැනන් හිටියේ නෑ මොකද ජීමින් සූයොන්ට ආදරේ කරපු හැටි මම මගේ ඇස් දෙකටම දැකලා තියෙනවා....
-"ජීම්..."
-"මුකුත් කියන්න එපා ටේ උබ දන්නවනේ එකවතාවයී මම අඩන්නේ ආයේ සූයොන් කියන එකෙක් මගේ ජීවිතේ නැති ගානට මට හිත හදාගන්න පුලුවන්.."
ජීමින් හිනාවෙලා කදුලු පිහාගත්තා...මම දන්නවා ඒ හිනාව ඇතුලේ ඇත්තටම තියෙන වේදනාව....
-"කොහොමද හොස්පිට්ල් එකේ වැඩ මේ දවස්වල.."
මට වැඩිදෙයක් හිතන්න ඉතුරු නොකර ජීමින් ආයෙත් කතා කරා...ඩොක්ටර් කෙනෙක් වෙන එකේ පීඩනේ දන්නේ ඩොක්ටර් කෙනෙක්මනේ අනික හොස්පිට්ල් එකේ අයිතිකාරයත් මම උන එකේ එතන පීඩනේ දෙගුණයක් තිබුනා..අවුරුදු විසිහතකට විදින්න බැරි තරමේ පීඩනයක් ඇත්තටම මට තිබුනත් ඒ හැමදේම තරමකට අඩු උනේ මගේ පවුල උන සහෝදරයෝ හය දෙනා නිසයි...
-"හ්යොන්..!"
කල්පනාවේ හිටපු මම ගැස්සිලා ගියේ කුකීගේ කටහඩට...මන් රවාගෙන කුකීගෙන් මොකද කියලා ඇහුවා..
-"මිස්ටර් පාක් කොරියාවට ඇවිත්.."
ජන්කුක් කියපු දේත් එක්ක මන් ඉද්ද ගැහුවා වගේ නැගිට්ටා...අන්තිමේදී හැමදේම හරියාවි...
-"කව්ද කියුවේ..දැන් එයා කොහෙද.."
-"යුන්ගි හ්යොන් කීයුවේ..පාක් ඉල්සාන් යනවලු හ්යොන්.."
කුකීගේ උත්තරෙත් එක්ක මට සතුටු හිතුනා...ඉල්සාන් නෙමේ කොහෙ ගියත් ඔයා මාව හොයාගෙන ඒවීනේ මාමේ...මන් එතකන් බලන් ඉන්නවා..
YOU ARE READING
THE KILLER ||Completed||
FanfictionFull of loneliness This garden bloomed Full of thorns I bind myself in this sand castle What is your name Do you have a place to go Oh could you tell me? I saw you hiding in this garden And I know All of your warmth is real The blue flower your hand...