මම ජන්කුක්ගේ රූම් එකට යනකොටත් එයා හොදටම වෙව්ලනවා..මම ඒසි එක ඕෆ් කරන ගමන් හීටර් එක ඔන් කරලා කූ පෙරවගෙන හිටපු බ්ලැන්කට් එක අයින් කරා..
-"කූකී..ඔයාට හොදටම උණනේ ලමයෝ.."
මම නලලට අත තියලා බලනකොටත් කුකී ගිනිගොඩක් වගේ රස්නෙයි...හීටර් එක නිසා කුකී වෙව්ලන එක ටිකක් විතර අඩු උනා...බාත්රූම් එකට ගිහින් වතුර එකක් එක්ක පොඩි ටවල් එකක් අරන් ආයෙත් කුකී ලගට ආපු මම කුකීගේ නලල බෙල්ල හැමතැනම තෙත මාත්තු කරා...
-"කුකී හ්යොන්ව ඇහෙනවා නේද ටිකකට නැගිටින්න මේ බේත් ටික බොන්න..."
-"හ්..හ්..යොන්.. "
-"හරි හරි හිමීට නැගිටින්නකෝ.."
කුකීට නැගිටින්න උදව් කරලා එයාව ඇදපත්තට හේත්තු කරා...ඇස් දෙක රතුම රතුවෙලා ජන්කුක්ගේ...බෙඩ් ටේබල් එක උඩ තිබුන වතුර එක අරන් කුකීට බේතුත් පොවලා කුකීව ආයෙත් හාන්සි කරත් කුකී විනාඩියක් යන්නත් කලින් ආයෙමත් කෙලින් වෙලා වෝමිට් කරා..කුකීගේ ලගම ඉදන් හිටපු නිසා එයා වෝමිට් කරේ මගේ ඇගට...
-"ඒක ගනන් ගන්න එපා..ඉන්න හ්යොන් එන්නම් ඇලවෙලා ඉන්න එතකන්...."
කුකී ඇස්වල කදුලු පුරවගෙන ඉන්නකොට ඇදෙන් නැගිටපු මම ඇදගෙන හිටපු ශර්ට් එක එහෙම්ම බාත්රූම් එකේ ඩස්බින් එකට දාලා කුකීගේ මුලු කාමරේම හෝදලා ආයේ කුකීවත් ටවල් එකකින් පිහලා එයාව නිදිකරලා ආයෙත් මගේ රූම් එකට ආවා..
ගෙදර බෙහෙත් තිබුන නිසා කුකීට දෙන දෙන දේ වෝමිට් වෙන නිසත් මම ඉන්ජෙක්ශන් එකක් අරගෙන ආයෙත් කූගේ රූම් එකට ගිහින් එයාට ඒක ඉන්ජෙක්ට් කරලා කැනියුලා එක ගහලා සේලයින් එකකුත් දුන්නා....කුකීව තනියම දාලා යන්නත් බැරි නිසා හ්යොන්ලත් නිදි නිසා එයාලටත් කරදර නොකර මම කූගේ ඇද ගාවින්ම පුටුවක් තියාගෙන එයාගේ ඔලුව අත ගගා හිටියා...ඉන්ජෙක්ෂන් එකට උණ බහින නිසා සැරෙන් සැරේට කුකීට දාඩිය දානකොට එයාව ටවල් එකෙන් තෙත මාත්තු කරන ගමන් මම ගායොන්ට කෝල් එකක් ගත්තා...
-"ටේහ්යොනී.."
එහා පැත්තෙන් ගායොන්ගේ නිදිබර කටහඩ ඇහෙනකොට මම ලාවට හිනාඋනා...මම පාන්දර තුනටත් නැගිටගෙන හිටියට අනිත් අය නිදිනේ ඉතින්...
YOU ARE READING
THE KILLER ||Completed||
FanfictionFull of loneliness This garden bloomed Full of thorns I bind myself in this sand castle What is your name Do you have a place to go Oh could you tell me? I saw you hiding in this garden And I know All of your warmth is real The blue flower your hand...