part 5

414 106 0
                                    

-"ආහ් ශිට්.."

කා එකට ඉස්සරහින් ජීප් හතරක් පාර හරස් කරලා තියෙනකොට මම එතනම බ්රේක් කරා....කුකීගෙත් ඔලුව ශීට් එකට වදිනකොට කුකී ඔලුවත් අත ගගා මම දිහා බලලා මොකද කියලා ඇස්වලින් ඇහුවා.....

-"අහන්න කූකී...මෙතන මොනා උනත් ඔයා කා එකෙන් එලියට බහින්න එපා සද්ද නොකර ඉන්න තේරුනාද..මන් කා එකෙන් බහිනවත් එක්කම ක්‍රිස්ට කෝල් කරන්න එන්න කියලා..."

-"අනේ ඒත් හ්යොන්..."

-"කියුව දේ කරනවා ජන්කුක්..මොන හේතුවකටවත් කා එකෙන් බහින්න එපා තේරුනානේ.."

කුකී ඇස්වල කදුලු පුරෝගෙන ඔලුව වනනකොට මන් ගන් එකත් අරගෙන එලියට බැස්සා...කුකී කා එකේ පිටිපස්සේ සීට් එකේ ඉදන් හිටපු නිසා එයාව කාටවත් පේන්නේ නෑ...මන් ගන් එකත් අරන් බොනට් එක උඩින් ඉදගන්නකොට තරමක් විතර වයස මිනිහෙක් ගාඩ්ලා එක්ක ජීප් එකෙන් බැහැලා නක්කලේට වගේ හිනා උනා....

-"මාව අදුරගන්න පුලුවන්ද කිලර්..."

තරමක් වයස මනුස්සයා මගෙන් අහනකොට මට ඒ මූණ ගැන කිසිම මතකයක් ඇත්තටම තිබුනේ නෑ...

-"බැ වගේ නේද කිලර් මම තමා හැරී...ඔයාගේ වැඩ වලට මම ලොකුවට අත දාලා නෑනේ ඒත් අද ඉදන් නම් අත දාන්න යන්නේ...."

මගේ නිශ්ශබ්දතාවය නිසා මිනිහා ආයේ කතා කරන්න ගත්තා...ඇත්තටම මට කතා කරන්නවත් පුළුවන්කමක් තිබුනේ නෑ මොකද මම බයෙන් හිටියේ කුකීට කරදරයක් වේවී කියලා....ඒත් ඒ බය නොපෙන්වා ඉන්න මම ගොඩක් උත්සහ කරා....

-"ඒත් කිලර් මන් කැමතියි උබව දැන්ම මරලා දාන්න...ඒත් ඊට කලින් කෝ උබේ මල්ලි ?...."

මාව හැරීගේ ප්‍රශ්නෙට ගැස්සිලා ගියත් ඒක නොපෙන්වා ඉන්න මම උත්සහ කරා...උන් කුකී ගැන අහන්නේ නිකන් වෙන්න ඇති කියලා මම හිතාගන්න උත්සහ කරා...

-"එයා ගෙදර ඇති...ඇයි උබට මොකක්ද වෙන්න ඕනේ ?.."

-"ආන්න ආන්න ඉතින් බොරු කියනවනේ ඔයා...මම දන්නවා ඔයා ඔයාගේ මල්ලි එක්ක හන් ගග ගාව ඉදලා මේ ගෙදර යන ගමන් කියලා..."

පොලව දිහා බලන් හිටපු මම හැරීගේ වචන වලට ගැස්සුනා මම හිතන්නේ ඌත් ඒක දකින්න ඇති....මම දුර්වලයෙක් විදියට ඉන්නේ නෑ ඒත් මට කුකීට කරදරයක් වෙයි කියන එකට දුර්වලයෙක් උනත් එයාව ආරක්ශා කරන්න ඕන කියන හැගීම මාව වහගෙන තිබුනා....හැරීගේ එක වචනෙකින් හැරීගේ ගාඩ්ලා මගේ කා එක පැත්තට එනකොට මම උන්ගේ නලලටම ශූට් කරේ ඔලුව කෑලි වෙලා විසික් වෙනකොට...ඒත් අද මගේ අවාසනාවට ගන් එකේ බුලට් ඉවර උනා ඒත් හැරීගේ ගාඩ්ලා කුකීව කා එකෙන් එලියට ගන්න එන ගමන නැවැත්තුවේ නෑ....

THE KILLER ||Completed||Where stories live. Discover now