Part 7

41 9 4
                                    

-"Good morning doctor.."

වෝඩ් එකේ හිටපු හැමෝම මාව දැකලා ගුඩ් මෝනින් කියනකොට මම ආපස්සට හිනාවකින් සංග්‍රහ කරා...මාසෙකට විතර පස්සේ ආයෙත් හොස්පිට්ල් එකට එනකොට දැනුන නැවුම්බවත් එක්ක මම හිටීයේ තරමක සතුටින්.....මගේ වටේ තිබුන හැමදේම සාමාන්‍ය අතට හැරිලා තියෙන එකෙනුත් මට දැනුනේ කියාගන්න බැරි තරමේ පහසුවක්...මට නියමවෙලා තිබුන රෝගීන් ටිකව චෙක් කරලා මම මගේ කැබින් එකට ගියේ සින්දුවකුත් මුමුණන ගමන්....

-"සර් ඔහොම ඩොක්ටර්ගේ රූම් එක ඇතුලට යන්න බෑ..නවතින්න....."

ටේබල් එක උඩ තිබුන ලැප් එකෙන් හොස්පිට්ල් එකේ ඉන්කම් එක බල බල හිටපු මම ලොකු සද්ද බද්ද ගොඩක් එක්ක කැබින් එක ඇතුලට ඇවිදගෙන ආව ඒ රූපේ දිහා බැලුවා....

-"ආහ් ඒකට කමක් නෑ රියානා... ඔයා දැන් එලියට යන්න.."

මන් දිහා බලන් හිටපු රූපෙත් එක්කම ඊටපිටිපස්සෙන් හිටපු මගේ secatry මම දිහා බයෙන් වගේ බලන් ඉද්දී මම හිනාවකින්ම එයාට යන්න කියුවේ මගේ සතුටින් තියෙන මූඩ් එක නැතිකරගන්න ඕන නැති නිසාමයි.....

-"පුතා මම ඉදගන්නද ?.."

ඒ රූපෙ මගෙන් අහනකොට ලැප් එක වහලා දාපු මම අතින් එයාට ඉදගන්න කියලා පෙන්නුවා....

-"ගොඩ දවසකින් පුතා ඔයාව දැක්කේ... ඉලන්දාරියා තවත් ලස්සන වෙලා..."

-"බාප්පගෙත් වෙනසක් නෑ තාමත් හිටියා වගේමයි..."

ඒ හිටියේ මගෙයි කුකීගෙයි බාප්පා එහෙමත් නැත්තම් අබොජිගේ එකම මල්ලී......බාප්පා මම කියපු දේට හිනාවෙලා කැබින් එක වටේම ඇස් යැව්වා......

-"බාප්පා කොරියාවට ඇවිත් ගොඩක් කල් නේද ?...."

-"ඔව් පුතා මාස එකාමාරක් විතර...මට එන්න වෙලාවක් තිබුනේ නෑ කම්පැනි එකේ වැඩත් එක්ක...."

-"ඒකට කමක් නෑ දැන් හරි ආවනේ...මොනාද බාප්පා බොන්නේ ?..."

-"මුකුත් බොන්න බෑ ටේහ්යොන්...දැන් යන්න ඕනේ වැඩ වගයක් තියෙනවා...පුතා වෙලාවක ජන්කුක් එක්ක එන්නකෝ අපේ ගෙදර..."

-"හරි බාප්පේ....."

බාප්පා හිනාවෙලා යන්න නැගිට්ටා....මාත් පුටුවෙන් නැගිටලා බාප්පා ගාවින් ගිහින් හිටගන්නකොට බාප්පා මාව තදින් බදාගත්තා....

THE KILLER ||Completed||Where stories live. Discover now