Part 12

24 5 12
                                    


-"බොස් ජන්කුක් සර් හැරීව එක්කන් ගියා.."

ක්‍රිස්ගේ මූණටම අත මිටමොලවලා ගැහුවා මම...ක්‍රිස් ඒත් අත්දෙක පිටිපස්සට තියාගෙන මම දිහා කෙලින් බලන් ඉන්නකොට ආයේ ආයෙමත් මම ගැහුවා ඌව වැටෙනකන්ම ඒත් වැටුනේ නෑ ඒ මගේ පාරවල් හයිය නැති නිසා නෙමේ මම ක්‍රිස්ව පුහුණු කරලා තිබුන විදිය නිසයි...

-"තොපිට මාව මොකෙක් වගේද පේන්නේ ?..මම මගේ පාඩුවේ හිටියම ඩීල් එකක් පවා හ්යොන්ලා ලව්වා කරගත්තම තොපේ ඉස්සරහ මොකෙක්වත් මරන්නේ නැතුව හිටියම මම නිවටයෙක් කියලද යකෝ තොපි හිතන් ඉන්නේ..."

මම ආයෙත් ක්‍රිස්ගේ කනට එකක් ගැහුවා...

-"තොට කොහෙන් ආව හයියක්ද මම දිහා කෙලින් බලන්න..දනගහපන් මගෙන් මැරුම් නොකා..ආයේ මම දිහා කෙලින් බලන්න බෑ.."

-"තේරුනා බොස්..සමාවෙන්න.."

-"සමාවෙන්න ?..පලයන් ඔක්කොටම ග්රවුන්ඩ් එකට එන්න කියපන්.."

මගේ අවසරෙත් එක්ක ක්‍රිස් යනකොට මම ගේට් එකෙන් ඇතුලට ආවේ හ්යොන්ලා මම ගාවට එනකොට..හ්යොන්ලා මට කතා කරන්න උත්සහ කරත් ඒ කිසි දෙයක් ගනන් නොගෙන මම ග්රවුන්ඩ් එකට ආවා..ශැඩෝස්ලා , ගාඩ්ලා එක පෙලට දනගහගෙන බිම බලන් හිටියේ මගේ තරහ වැඩි වෙනකොට.. මට මෙතන ඉන්න උන් ඔක්කොම මරලා දාන්න හිතුනා....

-"උබලට කන්න අදින්න දෙන්නේ මම..උබලා ඔක්කොටම හොදින් කතා කරනකොට , සලකනකොට මම කව්ද කියන එක උබලා ඔක්කොටම අමතක වෙලා කියලා මම හිතන්නේ...මම කිසිම වැඩකට අතදාන්නේ නැතුව පාඩුවේ ඉන්න නිසාද තොපිට මම කව්ද කියන එක අමතක වෙලා තියෙන්නේ..."

-"ටේහ්යොනා ඔය ඇති එනවා යන්න..."

-"තමුනුත් පාඩුවේ හිටියොත් හොදයි ජීන්...ඔක්කොම එක්ක හුරතල් වෙවී කතා කර කර ඉන්න නිසා මම නිවටයෙක් වගේ පේනවා ඇතිනේ නේද..එකක් මතක තියාගන්නවා මම කිලර් මෙච්චර දවසක් මම මගේ පාඩුවේ ඉද්දී උබලා හිතන්න ඇතිනේ මම හොද වෙලා කියලා නෑ යකෝ නෑ මම එහෙම හිටියේ මට කියලා නිදහසක් ඕන උන නිසා..හැබැයි තොපි ඔක්කොටම අමතක උනා මම කිලර් කියන එක..."

ජීන් හ්යොන් ගැස්සෙන හැටි මම දැක්කා..හැබැයි මට මෙතනින් එහාට කාවවත්ම හුරතල් කරන්න ඕන උනේ නෑ..

THE KILLER ||Completed||Where stories live. Discover now