Part 16

20 5 30
                                    

-"ලොකූ අනේ මේ බලන්නකෝ චූටි ඉන්න දෙන්නෑ..."

සාරාගේ කෑගැහිල්ලට මන් පඩිපෙල බැහැගෙන ලිවින්ග් රූම් එකට ආවා...මම එනකොටත් ජන්කුක් කෙල්ලගේ කොන්ඩේ ඇදගෙන මම ගියපු ගමන් ජන්කුක්ගේ ඔලුවට ගහලා සාරාව ඇදලා මගේ ලගට ගත්තේ ජන්කුක් දමාගෙන රවනකොට...

-"හ්යොන් අසාධාරණයි හරිද..මමනේ ඔයාට එකටම හම්බුන කෙනා.."

-"දැන් තමුසේ මොකද සුදූගේ කොන්ඩේ ඇදන් කරේ ?..."

-"ලොකූ මෙයා අර ඔයාලා කැමති නැති කෙල්ල එක්ක කෝල් එකක හිටියේ ඒනිසා මම ෆෝන් එක උදුරලා අරන් මාලු ටැන්කියට විසික් කරා..."

සාරා මගේ දිහාට හැරිලා කියෝනකොට මම ලිවින්ග් රූම් එකේ දකුනට වෙන්න තිබුන මාලු ටැන්කියේ තිබුන ෆෝන් එක දිහා බැලුවා...මොනා උනත් මගෙම පොඩි එකී...

-"තමුසෙ මට අහුවෙන්න එපා එලදෙන..."

-"ඇයි ඇයි මට මොනා කරන්නද ?..."

සාරා මගෙන් අයින් වෙලා ජන්කුක් ලගට ගිහින් ජන්කුක්ගේ කොන්ඩෙන් ඇද්දා ඒත් එක්කම ජන්කුක් සාරාගේ අත හැපුවා...දැන් මාසයක් විතර තිස්සේ හැමදාම මෙහෙමයි දෙන්නගේ වැඩේම ගහගන්න එක...

-"යාහ් දෙන්නම නවත්තනවා...සුදූ යන්න ජීන් හ්යොන් මොනාද කරන්නේ බලන්න..එතකොට කූ ඔයා මගේ රූම් එකේ මම යූස් නොකරන ෆෝන් එකක් ඇති ඒක ගිහින් අර ගන්න..."

දෙන්නට දෙන්නා රවාගෙන දෙපැත්තට බෙදිලා යන හැටි මම හිනා වෙවී බලන් හිටියත් ඒ තත්පරේදීම මගේ හිනාව මැකිලා ගියේ මම couch එකෙන් ඉදගන්නකොට...මාසයක් නම්ජුන් හ්යොන් හෝසොක් හ්යොන් එක්ක පැරිස් වල නැවතිලා...එතකොට මට ඕන උනා අනිත් අයවත් හ්යොන්ලා ගාවට යවන්න..මට තනියම ඉන්න තරමට හැමෝවම පරිස්සම් කරගන්න ලේසී වේවී...

-"අරුන් දෙන්නා සහෝදරයෝ නෙමේද බන් කොයිවෙලෙත් ගහගන්නේ ?.."

යුන්ගි හ්යොන් ඈනුමකුත් ඇර ඇර මම ලගින් ඉදගත්තේ එහෙම කියන ගමන්...මට ඒ දෙන්නව මතක් වෙලා හිනා ගියා..අන්තිමේදී ඒ ඇස්වල මම සතුටක් දැක්ක නිසා මට සතුටක් දැනෙනවා...

-"ඔය සුදූ කුකීගේ ෆෝන් එක ටෑන්ක් එකට දාලා ඒකයි ඔය..තාමත් දෙන්නා ගහගන්නවද හ්යොන් ?..."

THE KILLER ||Completed||Where stories live. Discover now