Part 18

24 6 0
                                    

අද දෙසැම්බර් විසිනවය..අද දවස ලබලා හරියටම විනාඩියයි..

සිගරට් පෙට්ටී දෙකකට වග කියලා ඉවර උන මම අවසානෙදී ගිනිබත් වෙලා ඉවර උන ඉඩම දිහා බලන් හිටියා...
එකදිගට ජන්කුක්ගෙන් කෝල් එනකොට
කා එකට නැගපු මම ජොන්ජු වලට පිටත් උනා...
ගිය අවුරුද්දේ මම අද වගේ දවසක කොයිතරම් සතුටින් හිටියද ?..
හැමදේම හොදම විදියට සිද්ධ උනා...
මගේ උපන්දිනේට අද ඉදලම සූදානම් උනා මට මගේ පවුලේ හැමෝම එක්ක මගේ ආදරෙත් මගේ ලගම තිබුනා....
ඒත් මේ අවුරුද්දේ කිසිම දෙයක් නැති කෙනෙක් වෙලා මම...
ඔව් කිසිම දෙයක් නෑ...
දවස් දෙකක් තිස්සේ හරිහැටි නින්දක් නොතිබුන නිසා ඇස් බොදවෙනකොට වතුර ටිකක් බීලා ආයෙත් පුරුදු විදියටම ඩ්‍රයිව් කරා....
අද අන්තිම දවස...මම භාරවෙන්න ඕනේ ගායොන්ට...

-"හ්යොන් කොහෙද හිටියේ අනේ බයවෙනවා කියලා තේරෙන්නේ නැද්ද ?..."

පැය දෙකක ගමනකින් ජොන්ජු වල ජන්කුක්ගේ නමට ගත්ත ගෙදරින් මම කා එක නවත්තන පමාවට දොර ගාවටම වෙලා හිටන් හිටපු ජනකුක් මට කා එකෙන් බහින්නවත් නොදී කතා කරා....

-"ඇයි නිදාගත්තෙ නැත්තේ ?..."

-"හ්යොන් එනකන් හිටියා..."

-"හ්යොන්ට බඩගිනියි කුකී.."

මම කා එකෙන් බහින ගමන් ජන්කුක්ට කියුවා...ඇත්තටම මට හරිම බඩගින්නක් දැනුනා දවස් ගානකින් කාලා නෑ වගේ...

-"හ්යොන් අපි එනගමන් රාමෙන් කප් ටිකක් ගෙනාවා හ්යොන් ඔහොම ඉන්න මම හදලා දෙන්නම්..."

ජන්කුක් එහෙම කියාගෙන කිචන් එකට යනකොට මම වටපිටාව බැලුවා..ගෙනාපු විදියටම ලැගේජ් ටික පහල තියෙනකොට ජන්කුක් වොශ් එකක් දාගන්න විතරක් ලැගේජ් එකේ ඇඳුමක් අරන් කියලා තේරුනා මට....
හරිම සරල ගෙයක් ලොකු දෙයක් නෑ..එක තට්ටුවයි කාමර තුනකුයි කිචන් එකයි ලිවින්ග් රූම් එකයි...
දැනට මේ ඇති ජන්කුකී ආයෙත් ආවම එයාට ඕන විදියට ගෙයක් ගනීනේ...

-"යුන්ගි හ්යොන් නම් නිදි හ්යොන්...ඔයා ඔය ටික කන්නකෝ හොදද..."

-"නිදිමතයි නම් නිදාගන්න කුකී හ්යොන් කාලා එන්නම් ..."

THE KILLER ||Completed||Onde histórias criam vida. Descubra agora