Part 14

19 4 22
                                    

-"ඇල්ෆා ජන්කුක් ඉන්න ලොකේෂන් එක එවන්න..."

සාරා එයාට ඕන දේවල් ගේනකන් ජීමිනා එක්ක බන්කුව උඩට වෙලා ඉදන් ඉන්න ගමන් මම කතා කරන දිහා ජීමින් ඇහිබැමකුත් උඩට උස්සන් බලාන හිටියා. ..

-"ඇහ් ඕයි ඇල්ෆා කෝ ඇහුවම උබ කියුවේ නැත්තේ ඇල්ෆාව ජන්කුක්ගේ පස්සෙන් යවපු නිසාද?.."

-"නැත්තම් උබ හිතනවද මගේ මල්ලිව මරු කටට යවලා අත පිහාගෙන මම බලන් ඉන්නවා කියලා..."

-"ඕහ් හොදයි හොදයි...දැන් උබ මොනාද කරන්න හිතන් ඉන්නේ ඒත් ?.."

-"ඒක ඒවෙලේට බලපන්කෝ දැන් කියුවම අගේ නෑනේ..."

ජීමිනා ආයේ ඒකගේ ෆෝන් එක කනකොට මම සාරාගේ ගේ ඇතුලට ගියා...යනකොටම මම දැක්කේ අපේ පවුලේ හැමෝම ගහලා තිබුන පොටෝ එකක් බිත්තියේ රාමු කරලා එල්ලලා තියෙනවා...

-"ලොකූ ඔයාට මතකද මේ ෆොටෝ එක ?.."

-"ම් ඕක එදා ගිනි ගන්න ඇති කියලා මම හිතුවේ..."

-"නෑ මාව බාප්පා බේරගන්නකොට මම ඔය ෆොටෝ එක අරගත්තා...මේ මෙතන පිච්චුනේ ඒක ගන්න ගිහින්..."

සාරා මට එයාගේ වැලමිට ගාව තිබුන පිච්චුන තුවාල කැලල පෙන්නුවා ....කොහොමහරි මම දන්නවනේ දැන් ඔයාව බේරගත්තෙත් කව්ද කියලා....

-" මේ ෆොටෝ එක මම කා එකට දානවා සුදූ.. ඔය ලැගේජ් එක ජීමින්ට දීලා ඔයා එන්න මාත් එක්ක..."

සාරාගේ අතිනුත් අල්ලගෙන ජීමින්ට ලෑගේජ් එකත් දුන්නම මට බැන බැනම ලැගේජ් එක ඩිකියෙන් දාලා ජීමිනා ඇවිත් ඉස්සරහ සීට් එකෙන් වාඩි උනේ මම ඇල්ෆා එවපු ලොකේෂන් එක ක්‍රිස්ට දෙනකොට.....

-"සුදූ ඔයා මොකද කරන්නේ ඉගෙනගන්නවද තාම ?..."

මම සාරා ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ..මගේ ප්‍රශ්නෙත් එක්ක කෙල්ල කකුල් දෙක සීට් එක උඩට අරන් මගේ පැත්තට හැරුනා...

මට ඔයාව අවුරුදු දහතුනක් මගහැරුනා සුදූ....

-"මම කැෆේ එකක වැඩ කරනවා හාද..බාප්පට කරදර කරන්න බැරි නිසා මම ඉගෙනගන්න එක නැවැත්තුවා බාප්පත් ඉතින් ඉගෙනගන්න කියලා කරදර කරේ නෑ.."

THE KILLER ||Completed||Tahanan ng mga kuwento. Tumuklas ngayon