Part 11

24 5 12
                                    


-" ඩොක්ටර් ඔයාව හම්බෙන්න කෙනෙක් ඇවිත්..."

අදත් සුපුරුදු පරිදි සාමාන්‍ය දවසක් වෙනකොට රියානා කැබින් එක ඇතුලට ආවේ බිම බලාගෙනමයි මම හිතන්නේ එදා මම බැනපු එකට ගෑනිට රිදිලා වගේ..අනේ ඉතින් මට මොකද බලෙන් ඇගේ එල්ලෙන්න එන ගෑනුන්ව කොහොමත් මට පෙන්නන්න බෑ...

-"කව්ද ඇවිත් ඉන්නේ ?..."

මම රියානාව ගනන් නොගෙනම ලැප් එක දිහා බලන් ඇහුවා...

-"ගෑනු ලමයෙක් ඩොක්ටර්..නම කියුවේ නම් නෑ.."

-"ඇතුලට එන්න කියනවා එහෙනම්.."

රියානා එලියට ගිහින් විනාඩි දෙකකට විතර පස්සේ කැබින් එකේ දොර ඇරෙනකොට මම ඒ දිහා බැලුවා...විශ්වාස කරන්න මට තත්පර ගානක් යනකන් යකෙක් ගැහුවා වගේ හැගීමක් ආවේ...මම බස්සෙක් වගේ බලන් ඉන්න නිසාම එයා ඇවිදගෙන ඇවිත් මගේ ටේබල් එකට ටිකක් එහා පැත්තෙන් තිබුන couch එකෙන් ඉද ගත්තා...

-"ටේහ්යොන් කතා කරන්න ඕනේ ඔයත් එක්ක.."

කෙල්ල ආයේ කතා කරනකොට මම සාමාන්‍ය විදියට හිනා වෙලා එයා ගාවට ගිහින් එයාගේ ඉස්සරහින් ඉද ගත්තා....

-"මම දන්න තරමට ඔයාට ගනුදෙනුව තියෙන්නේ මම එක්ක නෙමෙයි මගේ ගර්ල්ෆ්රෙන්ඩ් එක්ක නේද නූරී ?.."

ඔව් ඒ ඇවිත් හිටියේ නූරි..එයාට මාව මෙහෙම ඇවිත් පෞද්ගලිකව මුණගැහෙන්න කිසිම හේතුවක් නෑ මොකද මම එයාව දැක්කෙත් මීට සතියකට විතර කලින්....ඒත් ඒ මගේ පොඩී එකී බව මම දන්නවා.

-"ඔයාව මුණගැහෙන්නත් කලින් ඉදන් මට ඔයා එක්ක ගනුදෙනුව තිබුනේ...ඉතින් ලෝයර් නෝනා කියන්නේ එතන පොඩීම පොඩි ඉත්තෙක් විතරයි..."

-"කියන්න තියෙන මගුලක් තේරෙන්න කියනවා අයිසේ..මට තව වැඩ තියෙනවා "

මම කෑගහනකොට නූරි ආයෙත් සැරයක් කට කොනට හිනා උනා...මම වෙනසක් නොපෙන්වා කතා කරා මොකද මට ඕන උන්නෑ දැන්ම නූරිට කියන්න මම එයාගේ අයියා කියලා..

-" තව වැඩ කියුවේ මිනිස්සුන්ව මරන එකද....

කිලර්.."

නූරී මගේ නම කියුවේ අන්තිම තත්පරේ ඇහිබැමකුත් උඩට කරලා...

-"බය උනාද මම තමුන් ගැන දන්න එක ගැන "

THE KILLER ||Completed||Kde žijí příběhy. Začni objevovat