Part 3

461 112 4
                                    

-"ජිමිනා ගායොන්ව ජන්කුක් එක්ක ගෙදර යවපන්....මේ දැන්ම ශැඩෝස්ලා එක්ක වරාය ගාව තියෙන යාඩ් එකට වරෙන් පරක්කු වෙන්න එපා යකෝ තත්පරේකටවත්.. "

මන් යුන්ගි හ්යොන්ගෙන් කෝල් එක ආව වෙලාවෙම කා එකට නැගලා පාරට දානකොටම ජීමින්ට කෝල් එකක් ගත්තා....මට ගායොන් ඉස්සරහවත් ලෝකය ඉස්සරහවත් මගේ අනන්‍යතාවය පෙන්නන්න බෑ මොකද මම මේ මුලු ලෝකෙටම KTH hospital වල අයිතිකාරයා වගේම දක්ෂ pchyotherapist කෙනෙක් විතරයි.... පැය බාගයක් යනකොට යාඩ් එකට ආව මම ගන් එකත් ලෝඩ් කරගෙන යාඩ් එක ඇතුලට යනකොට ඇලෙක්ස් ගන් එක දික් කරන් හිටියේ මම ආව පැත්තට....

-"මේ මොකෙක්ද බලපන්කෝ ඇවිත් ඉන්නේ...තොපි මූ එනකන්ද බලන් හිටියේ"

පැත්තක ලේ පෙරන් හිටපු නම්ජුන් හ්යොන්ටයි යුන්ගි හ්යොන්ටයි ඇලෙක්ස් කියන ගමන් මන් දිහා බලන් කින්ඩියට හිනා උනා....

ඔයා තාම මාව අදුරගත්තේ නෑ පැටියෝ....

-".අනේ මගේ යාළුවන්ට යන්න දෙන්න කරුණාකරලා.."

මම අත්දෙක එකතු කරලා කියනකොට ඇලෙක්ස් තවත් හිනා උනා....

-"ඉන්න ඉන්න...මට ඔයාලට පෙන්නන්න දෙයක් තියෙනවා ඊට කලින්...."

මන් ඒත් එක්කම ඇදන් හිටපු රතුපාට ශර්ට් එක ගැලෙව්වා....ඒ එක්කම ඇලෙක්ස්  වගේම උගේ හෙන්චයියෝ ටිකත් වෙව්ලන්න ගත්තා.....

-"කිලර්...!"

-"එහෙනම් අදුර ගත්තා.."

මම අත්පුඩියකුත් ගහලා හිනා වෙනකොට ජීමින් ශැඩෝස්ලා එක්ක යාඩ් එක ඇතුලට ආවේ ගන් ඒම් කරගෙන..මන් ශර්ට් එක ගලවන් ඉන්නවා දැකලා ජීමින්ට කට කොනකට හිනා යනවා මට පෙනුනා...

-"සර් මම දැනන් හිටියේ නෑ සර්ගේ රත්තරන් කන්ටේනර් එකක් එන්නේ කියලා නැත්තම් මෙහෙම කරන්න හිතන්නේ නෑ...අනේ සමාවෙන්න සර්..."

ඇලෙක්ස් දනින් වැටිලා  සමාව ඉල්ලන්නකොට සමාව දෙන්න තරම් හොද හිතක් තියෙන මිනිහෙක් නෙමෙයී මම..මේ තමයි මම ලෝකෙන් හන්ගන පැත්ත...

මාෆියා ලෝකෙ ඇතුලේ මගේ නම කිලර්...වම් අතේ තිබුන සර්පයෙක් රාජාලියෙක්ව වෙලාගෙන ඉන්න ටැටූ එක තමා මම කව්ද කියලා මාෆියා ලෝකේ උන් දැනගත්ත එකම අනන්‍යතාව..

THE KILLER ||Completed||Where stories live. Discover now