මේ සමර් වැකේශන් පටන් ගත්ත නිසා මමත් පොඩි නිවාඩුවක් ගත්තේ හොස්පිට්ල් එක නම්ජුන් හ්යොන්ටයි ජීන් හ්යොන්ටයි බලා ගන්න දීලා....අද ටිකක් එලියේ ඇවිදින්න ඕන උන නිසා මම කලු ශර්ට් එකට කලු කලිසමක් ඇදලා නම්සන් ටවර් එක ගාවට ආවේ මට ඕන කෙනා එනකන් මග බලන් ඉන්න...
-"ටේහ්යොනී!.."
ඈත තියාම මම දැක්කා මට අත වනන ගායොන්ව...දුරට බෝනික්කෙක් වගේමයි පේන්නේ...මමත් හිනාවෙලා අත වනනකොට එයා දුවගෙන ඇවිත් මගේ අතේ එල්ලීලා මගේ කම්මුලට කිස් එකක් දුන්නා....
-"ඔච්චර ලස්සන වෙන්නේ කෝමද අප්පා.."
මන් එයාගේ කොන්ඩේ අවුල් කරලා අහනකොට එයා ලැජ්ජාවෙන් රතු උනා..මෙහෙම රතු වෙනකොට තමා ගෙදර උස්සන් යන්න හිතෙන්නේ...
-"ටේහ්යොනා අපි අද නම්සන් විතරද යන්නේ.."
-"මගේ මැනිකට තව කොහෙද යන්න ඕනේ ම්.."
-"හන් ගග ගාවට.."
මන් ඔලුව වනලා එයාගේ නලලට කිස් එකක් දීලා එයාගේ අතිනුත් අල්ලගෙන නම්සන් කුලුණ බලන්න ගීයා...ඇත්තමයි හරිම ලස්සනයි මෙතන ඒත් මෙතන දැකලා ගායොන්ගේ ඇස් දිලිසෙන එක ඊටත් වඩා ලස්සනයි...
-"ටේහ්යොනී අපිත් ලොක් එකක් දාමුද.."
-"ඒ මොකටද මැනික.."
-"අයියෝ අනේ එහෙම කරාම වෙන්වෙන්නේ නෑලු.."
-"අවුරුදු අටක්ම ආදරේ කරලත් තාම හිතෙනවද වෙන් වෙයී කීයලා.?.."
-"අයිගෝ මෝඩ ටේහ්යොන් ඒක මෙතනට එන හැමෝම කරන නිසයි කරමු කියුවේ අප්පා.."
-"හරි මැනික එහෙනම්.."
මම හරි කියලා කියනවත් එක්කම එයා මාවත් ඇදගෙන ලොක් දාන තැනට දිව්වා...මම ඔය වගේ දේවල් විශ්වාස නොකරත් එයාගේ බෝල ඇස් දිහා බලාගෙන බෑ කියන්න හිත දෙන්නෑ මට...
අපි හම්බුනේ හයීස්කූල් එකේදී...මට වඩා අවුරුදු දෙකක් බාලයි එයා..දැන් වගේම තමා ඒ කාලෙත් මේ විදියට දුවන්න ගිහින් මාවත් පෙරලගෙන බිම වැටිලා තමයි අපි එකටම දැක්කේ..ඊට පස්සේ ඉතින් මම එයාගේ පස්සෙන් ගියා කොල්ලනේ ඉතින්..
YOU ARE READING
THE KILLER ||Completed||
FanfictionFull of loneliness This garden bloomed Full of thorns I bind myself in this sand castle What is your name Do you have a place to go Oh could you tell me? I saw you hiding in this garden And I know All of your warmth is real The blue flower your hand...