Part 13

23 5 28
                                    

-" බොස් සයිරස් කෑම කන්නේ නෑනේ..."

ක්‍රිස්ට කිසිම ප්‍රතිචාරයක් නොදී මම හිටියා..මම කතා කරන්න කැමති නෑ දැන්..

-"බොස් පොඩ්ඩක් ඇවිත් බලනවද සයිරස් ගොරවන්නවෙත් නෑ...".

අතින් ක්‍රිස්ට යන්න කියපු මම ලැප් එක ටේබල් එක උඩින් තියලා සයිරස්ගේ කූඩුව පැත්තට ඇවිදගෙන ගියා...

-"බේබී බෝයි !.."

වෙනදට මගේ කටහඩට ගොරවන සයිරස්ගෙන් අද කිසිම සද්දයක් තිබුනේ නෑ..හැමදේම වෙනස් වෙලා සතියක් ඇතුලත...මම කූඩුව ඇරගෙන ඇතුලට යනකොටත් සයිරස් කූඩුව කෙරවලේ නිදාගෙන ඔහේ බලන් ඉන්න නිසා මම ආයෙත් සයිරස්ට කතා කරා ඒත් සයිරස් මම දිහා බැලුවේ නෑ...

-"බේබි බෝයි ජන්කුක්ව ඕනෙද ?..."

සයිරස් ඒ වෙලාවෙදී මම දිහා බලලා මෙච්චර වෙලා සද්ද නැතුව ඉදලා ගොරවන්න ගත්තා...සයිරස්ට ජන්කුක් නැති සාංකාව තියෙන්නේ කියලා මම තේරුම් ගත්තා....මොකද ජන්කුක් හැම දවසකම පැය තුන හතරක් සයිරස් එක්කමයි ඉන්නේ සයිරස්ට කවලා පොවලා බේත් පවා දෙන්නේ ජන්කුක්..සතියක් ජන්කුක් නැතිව ගෙවන්න උන තැන සයිරස්ට සාංකාව හැදිලා...ඒවගේම මම ආයෙමත් වතාවක් තේරුම් ගත්තා ,

මේ හැමදේම හුරතල් කරපු නිසයි කියලා....

-"ක්‍රිස් !..."

-"බොස් .."

-"වේවැල අරන් එන්න !..."

ක්‍රිස් සයිරස් දිහා එකපාරක් බලලා මට ආචාර කරලා යන්න ගියා...සයිරස්ට අවුරුදු පහක් ඇති හැබැයි ඒ අවුරුදු පහ ඇතුලෙදී කවමදාවත් මම වේවැල පාවිච්චි කරේ නෑ සයිරස් වෙනුවෙන් ඒත් මෙතනින් එහාට පාවිච්චි කරන්න වේවී

මොකද හුරතල් කරපු නිසයි මේ හැමදේම..

-"සයිරස් ග්‍රව්න්ඩ් එකට !.."

ක්‍රිස් වේවැල ගෙනත් දෙද්දී මම පළවෙනි වේවැල් පාර සයිරස්ට ගහද්දී ඇස්වල කඳුලු පුරවගන සයිරස් ග්‍රව්න්ඩ් එකට දිව්වා....පුරුදු විදියටම සයිරස් එලියට එනකොට කව්රුත්ම හිටියේ නෑ හැබැයි ක්‍රිස් මම ගාවම හිටගෙන හිටියා....

-"සයිරස් ගුඩ් බෝයි වගේ අපි ආයෙමත් ට්රේන් වෙමු මොකද ඔයාට ඒ හැමදේම අමතක වෙලානේ "

THE KILLER ||Completed||Tempat cerita menjadi hidup. Temukan sekarang