Part 15

20 4 9
                                    

-"හ්යොන් මේ සාරාද ඇ..ඇත්තමද.."

ජන්කුක් අහනකොට මම ඔලුව වැනුවා මට උත්තර දෙන්න මගේ දිව නැමුනේ නෑ..සතුට කියන හැගීමටත් වඩා අමුතු මූසල හැගීමක් මාව වහගන්න පටන් අරන් තිබුනා...ජන්කුක් සාරාව බදාගෙන අඩනකොට මම දෙන්නටම මම ගාවට එන්න කියලා තුරුල් කරගත්තා...

-"සුදූ ඔයාගේ රූම් එක දැක්කද?.."

-"ඕ ලොකූ..ඔයා මෙච්චර කාලයක් මම වෙනුවෙන් රූම් එකකුත් ලෑස්ති කරන් ඉදලා..අනේ මම ආදරෙයී ලොකූ.."

මම සාරාගේ ඔලුව අතගෑවම කුකී සාරාගේ අතිනුත් ඇදගෙන පඩිපෙල නගින්න ගත්තා...mansion එක හදපු දවස්වලම සාරා වෙනුවෙන් මම කාමරයක් වෙන් කරා ඒවගේම එයාගේ හැම උපන්දිනේකටම මම ඒ කාමරේ ටෙඩීලාගෙන් පිරෙව්වා..

-"හ්යොන් උදව්වක් කරන්න පුලුවන්ද?..."

-"මම නැති දවසක් ආවොත් මගේ පොඩි උන් දෙන්නවම හොදට බලාගන්න හ්යොන් .."

-"පිස්සුද එහෙම වෙන්නේ නෑනේ..."

ජීන් හ්යොන් මගේ ඔලුවත් අතගාලා ජීමිනා එක්ක කිචන් එකට යනකොට ගායොන්ගෙන් මට කෝල් එකක් ආව නිසාම මම ගාඩ්න් එක පැත්තට ආවා...

-"මට ඔයාව මේ දවස් ගානට හුගක් මගහැරුනා මැනික.."

කෝල් එක ආන්සර් කරපු ගමන් මම කියනකොට ගායොන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නෑ..වෙනදට ඔයා ඔහොම නෑනේ මැනික...

-"ම් ටේහ්යොන් හන් ගග ගාවට එන්න පුලුවන්ද.."

-"කීයටද එන්න ඕනේ මැනිකේ ?.."

-"ඔයාට වැඩක් නැත්තම් දැන්ම එන්න..මම එතන ඉන්නේ.."

මම උත්තරයක් දෙන්නත් කලින් ගායොන් කෝල් එක කට් කරා...එයාගේ කටහඩ පවා අමුතු වෙලා සමහරවිට මම එක්ක තරහත් ඇති එයා මොකද මට එයාව මගහැරුනා කවදාවත් නැතී තරම්....

-"ජීමිනා මම ගායොන්ව මීට් වෙලා එන්නම්..ජන්කුක්ට කොහෙවත් යන්න දෙන්න එපා.."

ජීමින්ට මැසේජ් එකක් දාපු මම ක්‍රිස් එක්ක හන් ගග ගාවට ආවා...හවස හය වෙන්න තව පැය බාගෙකටත් අඩු කාලයක් තිබුන නිසා අහස වෙනදට වඩා අදුරේ ගිලිලා ගිහින් තිබුනා...

THE KILLER ||Completed||Donde viven las historias. Descúbrelo ahora