@YOONGI's home
හැමතැනම ටික ටික කළුවර වුණා.ඉර බැහැගෙන යන්න ඔන්න මෙන්න.ලස්සන අහස පාටකීපයකින් බැබැළෙන්න පටන් ගත්තා.සමහරවිට අද දවස ඉවර වෙන්න යන නිසා වෙන්න ඇති.හමාගෙන ආපු හුළඟ පවා හරිම සීතලයි.ඒත් හරිම සැහැල්ලුයි.බැල්කනි එක විවෘතව හදලා තිබුණ නිසා අහස හොඳට පේනවා.බලාගෙන ඉද්දි ඉර බැහැලා ගියා.අහස දිහා බලන් ඉඳලා අතේ තිබුණ කෝපි එකත් දැන් නිවිලා ඇති
ඔප්පා...
ම්ම්...
මොකද මෙතනට වෙලා කරන්නෙ..?
මුකුත් නෑ..අහස දිහා බලන් හිටියා..
හ්ම්...අහස හරි ලස්සනයි නේද..?
ඔව්...ඇයි ආවෙ..?
ම්ම්..නිකන් ආවෙ..
හ්ම්..කෝ ඔම්මා...?
එයා අප්පා එක්ක ගියා මොනාද ගේන්න තියෙනවා කියලා...
ආහ් එහෙමද..ඉතින් මොකද ඔයා ගියේ නැත්තෙ..? වෙනදට පැනගෙන යනවනෙ..
මට අද කම්මැළි හිතුණා..එයාලා එද්දි රෑ වෙනවා කිව්වා..රෑට මොනාහරි ඕඩර් කරලා,අපි දෙන්නට කන්න කිව්වා..
Whaaaat....එයලා මොනා ගේන්නද ගියේ,එච්චර වෙලා යන තරමට..?
මං දන්නෙ නෑ අනේ..ඔයාට කතා කළා යන බව කියන්න..ඔයාගෙ කන ඇහෙන්නෙ නෑනෙ..ඉතින් මට කිව්වා ඔයාට කියන්න කියලා..
හාකො..
මේ මොනාද ඕඩර් කරන්නෙ..?
තමුසෙට බැරිද මොනාහරි හදන්න..මට කම්මැලියි ඕඩර් කරන්න...
පිස්සු හැදිලද..මට පුළුවන්ද කෑම හදන්න..ඕඩර් කරන්න පැයගානක් යනවද මෝඩයෝ..
තමුසෙව කරගහන මිනිහා පව් ඕයි..කෙල්ලෙක් නේද..කෑමක් හදාගන්න පුරුදුවෙනවා..මටත් එක්ක ලැජ්ජයි..
අනේ මේ...ඉතින් ඔයා හදන්නකො මොනාහරි..
යමු බලන්න...ආහ් මේ කෝප්පෙ හෝදලා තියනවා..
YOU ARE READING
~¥_DESTINATION_¥~ [ ON HOLD ]
FanfictionTo get through the hardest journey we need take only one step at a time,but we must keep on stepping🐾️every sunset is an opportunity to reset 🍂 . . . Life is all about enjoying every sunset and looking forward to the next sunrise~🍃🐾 ...