•°♥️°• CHAPTER 19

20 4 0
                                    

Time passed

හම්මෝ..මහන්සියි..

මං හිතුවෙ අපිට තව රෑ වෙනකන් activities තියෙයි කියලා..

එහෙම වුණානම් අපිට හෙට නැගිටගන්න බැරිවෙනවා..හෙට නම් නියමෙට තියෙයි..hike එකනෙ..

ඔව් ආහ්...කොහොමද රෑට එළියෙ නිදාගන්නකොට...wow..මං හරිම ආසාවෙන් ඉන්නෙ,කූඩාරම්වල නිදාගන්න...

               Yoongiට මහන්සිය නිසා හොඳටම නින්ද ගිහින්.taeටත් එහෙමයි.yoongi අඩුමගානෙ wash එකක් දාගත්තා,සනීපයක් දැනෙන්න.jimin,yoongiගෙ ඇඟට කකුලක් දාගෙන,එක එක posesවලට ෆොටෝස් ගත්තා.hoseok towel එක කරට දාගෙන,බිත්තියට හේත්තුවක් දාගෙන හිටියෙ,ඊළඟටවත් washroom එකට පැනගන්න..

අපිට ගොඩක් විනෝද වෙන්න පුළුවන්...කෝ යකූ මේ kookie...මූ නානවද පීනනවද..මට දාඩියයි...

ආවා..ආවා...හම්මේ wash එකක් දාගත්තම දැනෙන සනීපයක්...ඇඟේ අමාරුව කොහේ ගියාද මන්දා..

ඒක ඇත්ත...ඒකනෙ මම මුලින්ම පැනගත්තෙ...අපි කොහොමවුණත් උඹට අද මාර කට්ටක් නේද කන්න වුණේ..

මං jimin hyungව අල්ලගන්න තමයි හිටියෙ..මං දන්නවා ඔයා හිතලම තමයි මට එහෙම කළේ..මට දුක මෙයාගෙ කුප්ප වැඩවලට hoseok hyung අතදීපු එක ගැන...

මං ඉක්මනට නාගෙන එන්නම්...

යා.....මාරුවුණාට,හිතන්න එපා මං යාළු වෙයි කියලා..yoongi hyungට අද කෑමත් එපා වගේ..

              ඔලුව පිහ පිහ ආවට මොකද,අඩිය තියන තියන තැන වතුර බිංදු.නෑවට හරියට පිහගෙන නෑනෙ.එක අතකට වේලෙනකන් washroom එක අස්සෙ හිටියනම්,අනිත් අයට මොකද වෙන්නෙ.jungkook ඒ අතින් පරාර්ථකාමී මනුස්සයෙක්

ඔව් එයා නිදි...මහන්සි ඇති...මටත් අමාරුයි..මාත් ටිකක් ඇලවෙනවා..hyung ආවම මෙන්න මූව washroom එකට තල්ලු කරපන්..නැත්තම් දාඩියත් එක්කම නිදාගනී..

හා...හා..මං පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්...

හා...

Jungkook pov

             අද අපි හැමෝටම ගොඩක් මහන්සියි..මටත් මහන්සියි..ඒ වුණාට මගෙ හිතට හරි සැහැල්ලුවක් දැනුණා..සාක්කුවට අත්දෙකම දාගෙන,පඩිපෙළ් ගනනාවක්ම බැහැලා,ඇතුළට ගිය තැනින්ම මම එළියට ආවා..ඉර බහින්න ඔන්න මෙන්න..ගෙදරදි මම කවදාවත් ඒ අසිරිය මෙච්චර ලස්සනට දැකලා නෑ..මම සාක්කුවට අතදාලා,ෆෝන් එක අරන්,ලස්සන ෆොටෝ එකකුත් ගත්තා..ඒක ඔම්මට අනිවාර්යයෙන් පෙන්නන්න ඕනෙ..ආයෙමත් ෆෝන් එක සාක්කුවට දාගෙන,මම ඉස්සරහට ඇවිදගෙන ගියා..මටම හදපු එකක් වගේ බංකුවකුත් හොයාගන්න මට පුළුවන් වුණා..කාලෙකින් එතන කවුරුත් ඉඳගෙන නෑ වගේ..වැටිලා තිබුණ කොළ එකින් එක විසි කරලා,විසිරිලා තිබුණ දූවිලි අතින් පිහලා දාන්න මට විනාඩි දෙකක් වගේ යන්නැති..මම හොඳ වෙලාවට ටිෂූ පැකට් එක සාක්කුවට දාගත්තෙ..ඒකත් අපෙ කොලේජ් එක අයිනෙ තියෙන අපේ බංකුව වගේමයි..හේත්තුවෙන්න කෑල්ලක් නැහැ..ඒ වුණාට මම ගහට හේත්තුවුණා කියලා,ගහ පෙරළෙන එකක් නෑනෙ..මං හේත්තුවෙලත් බැලුවා..අවුලක් නෑ..එයා ශක්තිමත්..බැහැගෙන යන රතුපාට ඉර දිහා,මම හරි කල්පනාවෙන් බැලුවා..මට දැනුණෙ මාව මෝහනය වෙනවා වගේ..කොහේදෝ වෙනම ලෝකෙකට මම ගියා..නෑ..වෙන ලෝකයක් නෙවෙයි..මම ගියේ අද දවසෙ මුලට..barthroom එක ඇතුළෙදි පවා මම කල්පනා කළේ අද දවස ගැන..මම දවස පටන් ගත්තු විදිය,අවසන් වුණ විදිය කොච්චර පරස්පරද..soeun..මම හිතනවට වඩා හරි වෙනස්..මට දැනුණ විදියට,එයා ජීවිතෙත් එක්ක තරඟ කරන කෙනෙක්..එයා කතා කරපු දේවල්වලින් මම ගොඩක් points අල්ලගත්තා..මම ආසයි එයා ගැන තව දැනගන්න..වෙලාවකට මට හිතෙනවා,එයාගෙ අදහස්,හැසීරීම්,කතාකරන විදිය එක්ක ගත්තම මම බොලඳද කියලත්..එයා ගෑනු ළමයෙක් නිසා,මම හිතුවා අද දවස මට ගෙවාගන්න අමාරු වෙයි කියලා..ඒත් එයාගෙ නිර්භීතකම එයා අද පෙන්නුවා..මං එයා ගැන හිතන් හිටපු විදිය වෙනස් වුණා කියලා මම දන්නවා..හැබැයි එහෙමයි කියලා,මොනම හේතුවක් නිසාවත් මම ඒක පෙන්නන්න යන්නෙ නෑ..මේ ඉන්න විදිය හොදයි..සමහරවිට මට තව දේවල් දැනගන්න ලැබෙයි..අද සිද්දවුණ හැමදෙයක්ම පෙළින් පෙළට මට මතක් වුණා..මතක්වෙද්දිත් හිනා යනවා..අපි මඩ ගාගෙන,බිම වැටීගෙන කොච්චර දුකක්ද වින්දෙ..කී සැරයක් කේන්ති ගත්තද,රණ්ඩු වුණාද,බැනගත්තද..එහෙමයි කියලා වැඩේ අතෑරියෙත් නැහැ..අන්තිම වෙනකන් කට්ටගාගෙන දරාගත්තා..

~¥_DESTINATION_¥~  [ ON HOLD ]Where stories live. Discover now