•°♥️°• CHAPTER 25

27 5 9
                                    

@JK's home

soeun pov...

                jungkook එළියට ආවෙ,ශර්ට් එකක්වත් නැතුව...මට ඉතින් අලුත් දෙයක් නොවුණ නිසා,මම ඒක එච්චර ගනන් ගන්න ගියේ නැහැ..ඒත් ඒ මනුස්සයා එකපාරම අනිත්පැත්ත බලාගන්න කියලා කෑ ගැහුවා..එදා තුවාල වුණවෙලාවෙ,නිදහසේ ඉන්න නෑ කියලා,ශර්ට් එක අයින් කරපු එයටා එකපාරම ලැජ්ජාවක් ආවෙ කොහෙන්ද කියලා මම කල්පනා කළා...එයා ශර්ට් එකක් දාගෙන එළියට එනකන් මම හිටියෙ අනිත්පැත්ත හැරිලා..ඒත් සෑහෙන්න වෙලාවක් යනකන් එයා එළියට ආවෙ නැහැ...ඕනිඑකක් වෙන්න කියලා,මම ඇතුළට යද්දි,jungkook ඇඳගාව වැටිලා හිටියා..මගෙ ඇඟ හීතල වෙලා ගියා..මගෙ කටින් සද්දෙ පිටවුණෙත් නැහැ....

ju...jungkook...අනේ මොකද්ද වුණේ...?? කතාකරන්නකො..අනේ...jungkook...

.........

ම...මං දැන් මොකද්ද කරන්නෙ...?? Jungkook...ඔයා හොඳින් නේද..??

අ...අහ්...

             එයා ටික ටික ඇස් අරින්න පටන්ගත්තා..මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ එතකොටයි..එයා හිටියෙ තුවාලෙ අතින් අල්ලගෙන..මම සයිඩ් බෑග් එක පැත්තකින් තියලා,එයාට ඇඳේහාන්සිවෙන්න උදව් කළා..මම එයාගෙ ඔම්මට කතා කරන්න ඕන කියලා මතක් වෙද්දි,එයාගෙ ඔම්මා කාමරේට ආවා..ඒත් මම කතාකරන්නත් කලින්,එයා jungkook දිහා බලලා එළියට ගියා..එයා ගියේ දොරත් වහගෙන..මම ඊළඟට බැලුවෙ jungkook දිහා..එයා හිටියෙ එහාපැත්ත හැරිලා..ඇත්තටම මට කරන්න දෙයක් හිතාගන්න බැරිවුණා..

j..jungkook...ඔයාට මොනාද ඕනෙ...?? අමාරුද..?? හොස්පිට්ල් යමුද..?? ආහ්...?? ඔයාට ගොඩක් රිදෙනවද..??

ම..මට...හු..ස්..හුස්ම..

අනේ jungkook...කතා කරන්න..ප්ලීස් ඔයාට මුකුත් වෙන්නෙ නැහැ..ම..මං මොනාහරි කරන්නම්..

             මම දැක්කෙ,අමාරුවෙන් කතාකරන්න උත්සාහ කරපු එයාගෙ මූණ පැත්තකට කඩාගෙන වැටෙනවා විතරයි..මම දන්නෙ නැහැ ඇයි මගෙ ඇස්වලට කඳුළු ඉනුවෙ කියලා...මම විනාඩිගානකට ගොලුවුණේ,මගෙ මනසට නරක දේවල් ගොඩාක් ගලාගෙන එද්දි..මම දුවන්න හදලා,එයාගෙ පපුවට කන තියලා බැලුවා,එයා හොඳින්ද කියලා..මම ඔලුව උස්සන්න හදද්දි,මට තේරුණා මගෙ ඇඟවටෙන් අත්දෙකක් ඇවිත් මාව බදාගන්නවා වගේ..මම කෙලින්ම බැලුවෙ jungkook දිහා...ඔව්...මම හිතුවා හරි...ඒ අත්දෙක එයාගෙ...බොහොම අමාරුවෙන් හිරකරගෙන හිටපු එයාගෙ හිනාව එළියට පනිද්දි,මට හිතුණෙ,එයාගෙ මූණට දෙකක් අනින්න..ඒත් අතක්වත් හොලවන්න බැරිතරමට එයා මාව හිරකරගෙන ඉද්දි,කොහොම පාරක් ගහන්නද...

~¥_DESTINATION_¥~  [ ON HOLD ]Onde histórias criam vida. Descubra agora