දින එකින් එක ගෙවෙන්න පටන්ගත්තා...හැම කෙනෙක්ම වගේ සෙල්ලක්කාර ජීවිතෙන් ඔබ්බට ගිහින්,පාඩම් වැඩවල නිරතවුණා..එයාලගෙ ජීවිතේ අන්තිමටම ලියන එක්සෑම් එක වෙනුවෙන්,ගොඩක් කැපවෙන්න ඕන කියන හැඟීම හැමෝටම ඇතිවුණා..තම තමන්ගෙ ගෙවල්වල තනියම පාඩම් කරනවට වඩා ගොඩක් වෙලාවට කළේ කාගෙහරි ගෙදරකට එකතුවෙලා පාඩම් කරන එක...සාමාන්‍යයෙන් නම් එහෙම පාඩම් කරන එක ඉස්සර ලොකු අභියෝගයක්...මොකද ගොඩක් වෙලාවට එකතුවුණාම විනෝද වෙන එක පුරුද්දක් නිසා..ඒත් අන්තිම එක්සෑම් එක නිසාද කොහෙදෝ කවුරුත් වෙලාව අහක දැම්මෙ නැහැ..කොල්ලො පස්දෙනා එක්ක පාඩම් කරන්න,සමහර අවස්ථාවල min young,soeun එහෙමත් ගෙවල්වලට ආවාගියා..jin සුපුරුදු විදියට,yoonah එක්ක ඔෆිස් එකේ වැඩ කළා...namjoon වැඩ එක්ක ගොඩක් බිසීවුණා වගේම,එයා ටික ටික yejinගෙන් ඈත්වෙන්න තීරණය කළා..yejinට ඒ මගෑරීම එක්තරා විදියක වේදනාවක් වුණත්,library එකේ වැඩත් එක්ක එයත් ඒක ටික ටික අමතක කරන්න පටන්ගත්තා..shinhye බොහොම ඉක්මනින් mr.jeon එක්ක කම්පැනි එකේ වැඩවලට එකතුවුණා..හැමෝම ඔය විදියට ජීවිතේ ඉස්සරහට අරගෙන ගියා..විනෝද වෙන අතරතුරේ හැමෝම තමන්ගෙ ජීවිතේ හදාගන්න අමතක කළේ නැහැ..අන්තිමටම කට්ටිය එකතුවෙන්න තීරණය කළේ,hoseokගෙ ගෙදරට..
@thelivingroom [ hoseok,jimin,minyoung ]
Hyung hyung hyung...
ම්ම්...
දැන් මට මේක හදනහැටි තේරෙනවා...බලන්න මේක හරිද කියලා...
කෝ දෙන්න...
hoseok වැඩකළේ,jimin වගේම එයාගෙ noona එක්ක..minyoung ටික ටික hoseokගෙ හිතට බලෙන් රිංගන අදහස හිමීට අතෑරගත්තා..එයා ඒ දෙන්නා අතර දුර එහෙමම තියාගෙන,යාළුකම ටිකෙන් ටික ශක්තිමත් කරගත්තා..jimin කොච්චර කියලාදුන්නත් වරද්දන එක නැවැත්තුවෙ නැහැ..hoseok එයා ඒක හරියට හදනකන් කියලා දෙක නැවැත්තුවෙත් නැහැ..බැරිම තැන ටොකුපාරක් jiminට නොමිලෙ දෙන්න hoseok තීරණය කළා..
ආව්...ඒක රිදුණා
රිදෙන්න තමයි ගැහුවෙ..
ඇයි දැන් ඒපාර මම මොකද්ද කළේ..?
උඹ ආයෙත් වරද්දලනෙ..
KAMU SEDANG MEMBACA
~¥_DESTINATION_¥~ [ ON HOLD ]
Fiksi PenggemarTo get through the hardest journey we need take only one step at a time,but we must keep on stepping🐾️every sunset is an opportunity to reset 🍂 . . . Life is all about enjoying every sunset and looking forward to the next sunrise~🍃🐾 ...