•°♥️°• CHAPTER 02

76 11 4
                                    

@thecollege

      කොලේජ් ඉවර වුණාට පස්සෙ හැමෝම බලන් හිටියෙ හවසට ඇවිදින්න යන්න.ඒත් tae අවුලෙන් නිසා ඒ අදහස අතාරින්න තීරණය කළා.හැමෝටම ලොකු වුවමනාවක් තිබුණා මොකද්ද වුණේ කියලා දැනගන්න.ඒත් tae කාටවත් ඒ ගැන කිව්වෙ නෑ.සාමාන්‍යයෙන් tae හැමදේම මුලින්ම කියන්නෙ Jungkookට.මේ වෙලාවෙ tae එයාවවත් සතපහකට ගනන් ගත්තෙ නෑ.බලෙන් අහන්නත් බෑනෙ.ඒ නිසා එයාට ටිකක් නිදහසේ ඉන්න දෙන එක තමයි හොඳ.මොකද කලින් දෙන්නත් ඇතුළත්ව මේ හත්දෙනා අතර තිබුණෙ යාළුකමට එහා ගිය සහෝදර බැඳීමක්.රහසක් කියන්නෙත් එයාලට සාමාන්‍ය කතාබහහ්.කොලේජ් එක ඉවරවෙලා එයාලා එකතු වෙන්නෙ කොලේජ් එක ඇතුළෙ තියෙන ගහ යටට.අදත් වෙනදා වගේම ඔක්කොම එතනට ආවා.taeත් ආවා.ඒත් මූණ නම් කලින් වගේම අවුලෙන් තමයි.එයාගෙ මූණ පොඩ්ඩක් හදන්නත් එක්ක Jimin විහිලුවක් කරන්න තමයි හැදුවෙ.ඒත් yoongiට හිතුණා මේ වෙලාවෙ විහිලු කළොත්,එයා ඊටවඩා අවුල් යයි කියලා.වාසනාවට Jiminaව හිමින් සැරේ නවත්තන්න එයාට පුළුවන් වුණා.මොකද මූ කට ඇරියා කියන්නෙ විනාසයිනෙ.Jimina කියන්න ගිය එක නතර කරලා,වෙන දෙයක් කියන්න උත්සාහ කළා yoongi ඇස් වලින් කියන්න දඟලන්නෙ මොකද්ද කියලා හරියටම හිතාගන්න බැරුව

අ..ආ..අපි යමු නේද..?

කොහෙද Jimin-ah...?

යා.....hobi hyung වෙන කොහෙද..ගෙදර මිසක්..

ගෙදර යන්න බෑ දැම්ම..අපි යමු මොනාහරි කන්න..

අද මාව ගන්න,noona එනවා කිව්වා...ඔය ගෑනි වෙලාවට එළියෙ හිටියෙ නැත්තම් ගෙදරම ගිනි තියනවා බොරු කියලා..

ආශ්..මට මුගෙ noonaට කියන්න හිතෙනවා හොඳ දෙකක්..මළ වදයක්නෙ..

ඔයාට ගෑනු ළමයිව පේන්න බෑනෙ hyung..ඉතින් අපේ noonaත් ගෑනු ළමයෙක් තමයි..

වාසනාවට..නැත්තම් කරනවා හොඳ වැඩක්..දැන් අද මොකටද ඔයාව ගන්න එන්නෙ..? තවුසෙට කකුල් තියෙන්නේ..

නෑ එයාට අද......

Jungkook....මට අද රෑට ඔයාගෙ ගෙදර ඉන්න පුළුවන්ද..?

ආහ්..එකපාරටම..? tae hyung මොකද වුණේ ආහ්..?

පුළුවන්ද..? බැරිද..?

~¥_DESTINATION_¥~  [ ON HOLD ]Onde histórias criam vida. Descubra agora