✨🖤limitless love pt 4🤍✨

568 116 49
                                    

සුගාගේ හිත ඇතුලේ තිබුණු ලොකු දුක දැකපු තව කෙනෙක් සුගා එක්කම දුක් වුණා . ඒ තමයි සුගා ගේ හොදම යාළුවා වගේම WT ගේ ඇල්ෆා , " Jung Ho Seok " . ඒත් ඒ කිසිම දුකක් පෙන්නන්නේ නැතුව එයා සුගා එක්ක කතා කරන්න හිතුවා . Hobi ගිහින් සුගා වාඩිවෙලා හිටපු සෝෆා එකේ සූගාට එහාපැත්තෙන් වාඩිවුණා.

JH :- සුගා..ඉතින් මොකෝ උනේ...? ඔයාගේ පිස්සු පූස් plan එක ගොඩ ද? අරයා ආවද? ඔයා මාව එක්කන් ගියේ නෑනේ..මටත් ඇවිල්ලා ඔයාට සපෝර්ට් එකක් දෙන්න තිබ්බා...

Hobi එයාට සුපුරුදු කාරුණික අහිංසක හිනාව මුණේ රදව ගෙනම සුගා ගෙන් ඇහුවා. ඒත් කිසිම දෙයක් සුගා ට ඇහුනේ නෑ...එයාගේ කන්වල දිගටම දෝංකාර දුන්නේ ජිමින් ගේ වචන .

JH :- සුගා... උබ හොදින් නේද..? 😟...

සුගා තවමත් නිහඬ වෙලා කලින් විදියටම ඔළුවත් පහත් කරන් බිම බලාගෙන කල්පනා කරනවා . සුගා නිසා hobi ගේ හිත දුර්වල වෙමින් තිබුණා . ගේ ඇතුලේ පත්තු වුණු කහපාට බල්බ වලින් පිටවුණු තරමක් දුර්වල ආලෝකය hobi ගේ හිත තව ටිකක් දුර්වල කරා .

එයාට හැමදාමත් තිබුණේ සුගා ගැන බයක් . ලෝකේ හැම මනුස්සයෙක්ම තමන්ගේ හිතට කා වදින ආදරයක් සෙනෙහසක් හොයනවා . සුගා කියන්නේ පුදුම තරම් ආදරයක් හොයපු කෙනෙක් , විශේෂයෙන් එයා ඒ ආදරේ හෙව්වේ තමාට සමීප අයගෙන් , නමුත් එයා හොයපු විදියේ ආදරයක් සුගාට ලැබුණේ නෑ , ඒ අහිමි ආදරය සෙනෙහස සුගාව මානසිකව වැට්ටුවා .

හැමෝගෙන්ම හැමදාමත් ලැබුණු ප්‍රතික්ෂේප කිරීම් කිරීම් වලට අමතරව ජිමින් ගේ ප්‍රතික්ෂේප කිරීම් සුගාව තවත් මානසිකව වට්ටන බව hobi දැනගෙන හිටියා . මුළු ලෝකෙම සුගා ව අත්හරියත් තමන් සුගා තනි නොකරන්න hobi එයාටම පොරොන්දු වුනා .

JH :- කට ඇරලා කතා කරනවා මනුස්සයෝ.. මාව බය නොකර

Hobi ගේ කටහඬේ තරහ ගියපු බවක් තිබුණා . එයා සුගා ගේ උරහිස්වලින් හොල්ලපු විදියෙන් hobi ගේ තරහ ගැන සුගාට තේරුම් ගන්න පුළුවන් වුණා . සුගා කදුළු පිරුණු අසරණ ඇස් වලින් hobi දිහා බලලා ආයෙත් බිම බලා ගත්තේ තමන්ගේ දුක hobi ට වචන හා ශක්තිය හොයා ගන්න වගේ . සුගා ගේ ඇස් වල කදුළු දරා ගන්න hobi ට ශක්තියක් තිබුණේ නෑ . Hobi ගේ ඇස් වලත් කදුළු පිරිලා එයාගේ කම්මුල් උඩ අවසරයකින් තොරව ඔහේ ගලාගෙන ගියා .

limitless Love 💓 {completed}Where stories live. Discover now