✨🖤limitless love pt 11🤍✨

551 108 65
                                    

දැන් නම් Nam , Jin , Jimin තුන්දෙනාම කෑම කාලා ඉවරයි . ඊට පස්සේ ඉතිං බල බල හිටපු film එකත් පැත්තක දාලා නිදා ගන්න යන්න තමයි Jin සූදානම් වුණේ .

Jin :- Joon නිදා ගන්නේ නැද්ද ? මොනවද ඔච්චර කල්පනා කරන්නේ ?

ජූන් තාමත් කල්පනා සාගරේ හිටපු නිසා ජින් එයාට කතා කරන එක ඇහුනේ නෑ . ඒක නිසා ජිමින් ජූන් ට කතා කරා.

JM :- hyung ... අන්න ඔයාගේ කෙනා කතා කරනවා .

NJ :- ආ... Jimin......

JM :- ඕ hyung....

NJ :- මෙන්න මේ කොල්ලා.... හෙට මෙයාව විකුණනවා . ඔයාට ඕනෙද ?

නම්ජූන් එයාගේ අතේ තිබුණු photo එක ජිමින් ට පෙන්නන ගමන් ඇහුවා . ඒත් ජිමින් නෙවෙයි නම්ජූන් පෙන්නපු ෆොටෝ එක දිහා බැලුවේ .

JM :- ඒක මගෙන් අහන්න ඕනේ නෑනේ hyung . ඔයානෙ කට්ටියව පුහුණු කරන්නේ . අපේ වැඩ වලට ගැලපෙන කෙනෙක් නම් ඉතින් ගත්තට කමක් නැහැ .

NJ :- ඒත් ජිමින් මේ කොල්ලා දිහා බලන්න . හරිම අහිංසක පාටයි . මට හිතෙන විදියට blood moon ලා මේ කොල්ලව ගනීවි . මට ඇහුනා blood Moon ඇල්ෆා කියනවා " අපේ බොස් නම් මේ කොල්ලට හොඳ ගානක් දේවී " කියලා .

JM :- blood moon ලා මේ කොල්ලාට හොඳ ගානක් දෙනවා කියන්නේ ... මේ කොල්ලට අනතුරක් වෙන්න යනවා කියන එක නේද hyung දැන් මට කියන්න යන්නේ .

NJ :- ඔව් ඇත්තටම මට ඒක තමයි කියන්න ඕනේ .... BW අපි මේ කොල්ලව බේරගමු.

Jin :- Joon කවුද blood moon කියන්නේ ?

NJ :- blood moon කියන්නෙත් අපි වගේම powerfull gang එකක්ම තමයි . South Korea වල most power gang එක අපි . අපිට පස්සේ WT ලා. ඊටත් පස්සේ තමයි blood moon ලා ඉන්නේ .

උන්ට හිතක් පපුවක් කියලා දෙයක් නැහැ . උන්ට ඇති වෙන්නේ ආසාවල් විතරයි . මොනවහරි ඕනේ කියලා හිතුනොත් ඒක ඕනෙමයි . මම blood moon ලගෙ leader ව දැකලා නැහැ. ඒත් එයාගේ අල්ෆාගේ ඇස් වල හැටි දැකලා තියෙනවා . එයාගේ ඇල්ෆාගේ එක ඇහැක් නැහැ ඒ නිසා එතන වහල තියෙන්නේ . ඒ මොකද කියන්න කවුරුත් දන්නේ නෑ .

මම එයාගේ මුණේ අනිත් තැන් දැකලා නැහැ . මොකද අපි හැමෝම මාස්ක් දාගෙන නේ ඉන්නේ. උන්ගේ ලොකුම ආසාව තමයි ලේ . එයාලගේ team house එකේ බිත්ති පාට කරලා තියෙන්නේ ලේ වලින් කියලා තමයි හැමෝම කියන්නේ . උන්ට gun එකක් හම්බුනාම වෙඩි තියන්නේ මිනිස්සුන්ගේ ලේ දකින්න තියෙන ආසවට . තව...

limitless Love 💓 {completed}Where stories live. Discover now