ඒත් එක්කම ඇහුණු වෙඩි සද්දයෙන් ටේ වෙවුලලා ගියා .
🐯 :- ජිමින් 😭
🐣 :- ම්ම්ම් ?
🐯 :- මට සමාවෙන්න , මන් ඔයාගේ ගෙදරින් පැනලා ආවා .
🐣 :- මන් දන්නවා ටේ ...
🙇🙇🙇🙇🙇🙇
( ජිමින්ට වෙඩි තිව්වෙ නෑ කස්ටිය.. කරන්නත් හිතුනා , කරනවා..පසුවට sure නෑ... මම කලින් එපියේ කිව්වේ " ඒක පොඩි උණ්ඩයක් විතරයි " කියලා... බොරුනම් කලින් එකට ගිහින් බලන්න , මන් කිව්වේ නැ ජිමින්ට ඒක වැදුනා කියලා... ඔයාලා නම් අයියෝ... මට හිනාව නවත්ත ගන්නත් බැරි වුණා😂🤣😂 😂🤣💔)
🙇🙇🙇🙇🙇🙇
අත් දම්වැල්වල එල්ලිලා තිබුණත් කදුළු පිරුණු ඇස් වලින් ටේ , ජීමින්ට තුරුල් වුණා .
ඒ මොහොතේම වගේ තවත් වෙඩි සද්ද එක දිගට ඇහුනා . ජිමින් , ටේගේ කන් අත් වලින් ආවරණය කරා .
🐣 :- ඕක නවත්තහන් සුගා... මේ දම්වැල් වෙඩි තියලා කඩන්න බෑ..
මුකුත්ම නොකියාම සුගා එයා අරන් ආපු gun එකේ අන්තිම උණ්ඩ කොපුව බිම වැටෙනකම්ම හෝබීව එල්ලලා තිබුණු නොකැඩෙන දැම්වෙල් වලට වෙඩි තිව්වා . ජිමින් ගාවට අඩියට දෙකට ඇවිදපු සුගා , ඇස්පිල්ලම් ගහන වේගෙන් ජිමින් ගේ තුවක්කුව අරන් ටේ ට ඉලක්ක කරා .
🐣 :- සූගා .... තමුන් මොනවද කරන්නේ ?
ජිමින් එහෙම ඇහුවේ ටේව සම්පූර්ණයෙන්ම තමන්ගේ පිටුපසට කර ගනිමින් .
🐴 :- පූස්... නවත්තන්න ඕක.. පිස්සු නටන්න... එපා ..
😺 :- ඔව් මට පිස්සු තමයි , එදා එච්චර ලොකු දෙයක් කියලා මහ වැස්සෙම දිව්වා , දැන් කකුල් දෙකේ දණහිසෙන් පහළ කඩා ගෙන . දවස් පහක් තිස්සේ ගෙදර දොර ගාවට වෙලා එනකන් මොනවත් නොකා බලන් හිටියා . මන් පිස්සෙක් නෙවෙයි නම් එහෙම කරන්නේ නෑනේ . ජිමින් ! මට මේක ඕනේ... තමුන් මේක මට දෙන්නේ නැත්තම් ඔයාගේ පිටිපස්සේ ඉන්න එකාට මන් මේකේ උණ්ඩ ටික දෙන්නම් !
මුකුත් නොකියපු ජිමින් අනුමත කරන්න වගේ පෙනෙන නොපෙනෙන තරම් පොඩි හිස වැනීමක් කරා . අනුමත කිරීම දැකපු සුගා ආයෙත් හොබී ගේ දම්වැල ඉලක්ක කරද්දිම පුංචි කටුවක් වගේ දෙයක් තමන්ගේ බෙල්ල පිටිපස්සේ ඇනෙනවා වගේ දැනුනා .
![](https://img.wattpad.com/cover/274298757-288-k253080.jpg)
YOU ARE READING
limitless Love 💓 {completed}
Fanfiction✨ආදරය නිසා දරුණු වුණු mafia හදවතක් ✨ආදරය හින්දා පමණක් ම ගැහෙන අහිංසක හදවතක් ✨ඒ හදවත් ඒකට එක් වුණ ආදරණීය කතාවක් මෙය සම්පුර්ණයෙන් මගේ imagination භාවිතයෙන් ලියන ලද්දකි . මේක Bl story එකක් කියල කරුණාවෙන් මතක තබා ගන්න . bl වලට කැමති අය විතරක් කියවන්න...