Thank You ❤️🌹⭐

462 72 40
                                    

ඔන්න ඉතින් හින්දි කතාවක් වගේ ඇඳගෙන ආපු limitless love ඉවර වුණා ... ඇත්තටම මේක ඉවරයි කියන්නේ මට මාර නිදහස්... ඔයාගේ පුංචි පුංචි comments ටික නම් miss වේවි...ඒව දැක්කම ගොඩාක් හිනා යනවා මට . ඒවට thank you... 🌹❤️ .

මන් දන්නෙ නෑ ඔයාලා මේ කතාවෙන් මොනව බලාපොරොත්තු වුණාද කියන්න . මන් sad ending දෙන්නේ නෑ කිව්ව නිසා දුන්නේ නැ... කොහොමත් sad ending ලියලා මට නිදාගන්න වෙන එකක් නෑ 😁 .

මන් උඩින් පෙන්නුවට වඩා දෙයක් කතාව යටින් ඇදන් යන්න ගොඩාක් උත්සාහ කරා . ඔයාලා ඒව තේරුම් ගත්තා නම් තමයි ගොඩක්ම හොඳ ! 🙂

1) කෙනෙක් ඔයාව විශ්වාස කරනවා නම් ඒ විශ්වාසය කඩන්න එපා...

2) කෙනෙක් ඔයාට ආදරෙයි කියලා දන්නවා නම් ඒ කෙනාව රවට්ටන්න එපා .

3) හැමෝම විශ්වාස කරන්න එපා..බොරු වලට අහු වෙලා දුක් විඳින්න එපා .

4) නොදැකපු නොදන්න අනාගතයක් ගැන බය වෙලා අද වරද්ද ගන්න එපා...

5) බොරුවක් කියන්න වෙනවම නම් , එතනදි මොකුත් නොකිය නිශ්ශබ්ද වෙන්න .

ඔය හැම පොයින්ට් එකක්ම මගේ කතාවේ මන් හැංගුවා . ඔයාලට ඒව හොයාගන්න පුළුවන් වුණා නම්... අන්න ඔයා තමයි මගේ කතාව හරියටම කියවලා තියෙන්නේ .

ඔයා කාගේ හරි විශ්වාසය කැඩුවා කියන්නේ , ආයේ ඒ කෙනා ඔයාව විශ්වාස කරන්න තරම් මෝඩ වෙන්නේ නෑ කියන එක . ඔයාව විශ්වාස කරයි 50% ක් , එහෙම කරන්නෙත් ඔයාට ආදරේ කරන කෙනෙක් විතරයි . ඒත් එයාගේ යටි හිතේ ගලින් කෙටුව අකුරක් වගේ ඔයා කරපු කියපු දේවල් මතක තියෙනවා .

මිනිස්සු කියනවා නේද " අපෝ මට වැරද්දක් කරපු අයව මතක හිටින්නෙ නෑ " කියලා . අමූලික බොරු ! විශ්වාස කරන්න එපා . වැරැද්දක් කරා නම් කරාම තමයි ! ඔයාගේ කෝණෙන් ඔයා වැරදි නැති වෙන්න පුළුවන් . ඒත් එයාගේ කෝණෙන් ඔයා තමයි වැරදි .

තවත් කියනවා නම් මේ SHIP කිරීම ගැන....

Fandom එකට මන් ටිකක් අලුත් . මන් ආවේ ගිය අවුරුද්දේ... එදා ඉඳන් අද වෙනකං මට fandom එක එපා වුණා නම් එපා වුණේ මේ ship කෙරුවාව... දැන් බලන්න ඔයාලා BTS ship story කියවනවා . ඒත් BTS ලා දාලා ලියන B×G ඒව කියවනවද ? කියවලා ඇති... ඒත් වැඩිපුර ship නේද කියවන්නේ ? වැරද්දක් කියන්න බෑ...කෙනාගෙන් කෙනාට රසය වෙනස්...

limitless Love 💓 {completed}Where stories live. Discover now