CHAPTER 07

1.4K 300 5
                                    

චූටි කෙල්ලෙක් දුවගෙන ඇවිත් "ඔම්මා" කියලා තමන්ගේ අම්මව බදාගත්තේ චූටි ලස්සන හිනාවකුත් අම්මට දාලා... කෙල්ල පස්සේ තමයි දැක්කේ එතන තව කට්ටිය ඉන්නවා කියලා... කෙල්ල කට්ටිය පැත්තට හැරිලා හැමෝටම bow කලා... ඊට පස්සේ කෙල්ල දුවලා ගිහින් එතන හිටපු බනී හිනාවක් තියන චූටි කොල්ලගේ වම් කම්මුලට පොඩි kiss එකක් දුන්නේ ඇගිලි තුඩු වලින් ඉස්සිලා... කොල්ලත් අනිත් පැත්තට නැමිලා කෙල්ලගේ නලල කිස් කලා... පුංචි කෙල්ලගේ කම්මුල් ඒකටනම් ලැජ්ජාවෙන් රතු වෙලා ගියා... කෙල්ලගේ ඔම්මයි අප්පයි ඔප්පටයි නම් ඒක දැකලා හිනා යන්නත් ආවා...  ඊටපස්සේ හැමෝම ගියේ කොල්ලාගේ ගෙදරට... කට්ටියම Dining room එකෙන් වාඩි වුනේ dinner ගන්න බලාගෙන... ඔව්... අද මේ චූටි කොල්ලාගේ birthday... ඒකට තමයි හැමෝම party දාන්නේ... හැමෝම කතා බහ කර කර කෑම කෑවා... පොඩි කෙල්ලයි කොල්ලයි නම් ඉවරයක් නෑ උකුලු මුකුලු කරනවා... කෙල්ලගේ ඔප්පත් මේ දෙන්නටම එකතු වුනේ මගෝඩි වැඩක් කරන්න බලාගෙන... තුන් දෙනාම ඉක්මනට කෑම කලා කෑම මේසෙන් යන්නයි නැගිට්ටේ... ඒත් කෙල්ලගේ ඔම්මා කෙල්ලගේ ඔප්පට ඉන්න කියපු නිසා එයාට යන්න වුනේ නෑ... චූටි කෙල්ලයි කොල්ලයි අතුත් අල්ලගෙන garden එකට ගියා... garden එකේ තිබුන පුටුවේ වාඩි වෙලා දෙන්නම බලන් හිටියේ අහස දිහා...

කොල්ලා දැනගෙන හිටියා නම් මේ කෙල්ලව දකින්න හම්බ වෙන අන්තිම දවස අද කියලා කවදාවත් මේ තරම් නිදහසේ ඉන්න එකක් නෑ... කොහොම හරි කෙල්ලව ආරක්ශා කරගනී... අඩුමතරමේ කෙල්ලගේ පවුලේ අයගේ නම් හරි මතක තියාගනී... කොහොමත් මේ චූටි කොල්ලා කොහොම ඕවා මතක තියාගන්නද..?? කොල්ලා කෙල්ලගේ නම හොයාගත්තෙත් තමන්ගේ බිත්තියේ ගහපු තමන්ගේ තාත්තා ඇදලා දුන්න ච්ත්‍රේ තිබිලා... කොල්ලා පොඩි කාලේ දුකින් ඉද්දි තමා කොල්ලාගේ අජුම්මා කොල්ලට මේක ඇදලා දීලා තියෙන්නෙත්... කොල්ලට අම්මා අප්පා ඔක්කොටම හිටියේ අජුම්මා විතරයි... ඒත් ඒකේ කෙල්ලගේ surname එක තිබුනේ නෑ...

ඇදේ නිදාගෙන හිටපු කොල්ලා එකපාරටම ඇහැරුනේ මොකක්දෝ සද්දයක් ඇහිලා... ඔව්...ඔව්... කොල්ලට ඒ ඇහුනේ තමන්ගෙම alarm එකේ සද්දේ... කේන්තියට alarm එකත් පොලොවේ ගහපු කොල්ලා ආයිත් ඇදේ අනිත් පැත්තට හැරිලා බෙඩ්ශීට් එකත් හොදට පෙරවගෙන නිදාගත්තා... කොල්ලා ආයිත් තමන් දැකපු හීනේ ගැන ආයිත් හිතන්න පටන් ගත්තා... කොල්ල මේ හැමදේම අමතක කරලා ගොඩක් කල්... කොල්ලට ඕනි වුනේ නෑ ආයිත් මේවා මතක් කර කර පසුතැවෙන්න... ඒත් කොල්ලට ලගකදි ඉදලා ආයි ආයි මේවා මතක් වෙන්න පටන් අරගෙන...

Loving The Playboy (Completed)Where stories live. Discover now