CHAPTER 14

1.2K 259 11
                                    

Taehyung උදේම නැගිටලා ඔහේ පාර දිගේ ඇවිදගෙන ගියේ ඊයේ දැකපු දේවල් මතක් කර කරයි... school uniform එකත් බාගෙට ඇදගෙන මෙච්චර ගෙදර වාහන තියෙද්දිත් පයින් school යන කොල්ලව මේ පාරේ උදේට යන අයට නම් එච්චර නුහුරු දර්ශනයක් නෙවෙයි... සාක්කු දෙකටත් අත් දෙක දාගෙන කොල්ලා කල්පනා කලේ ඊයේ දැක්ක දේවල්... මොනා කිව්වත් මොනා කලත් කොල්ලාගේ ඇස් කැමති නෑ ඒ දැක්ක දේවල් පිලිගන්න... ඇත්තටම එහෙම වෙන්න පූලුවන්ද? තමන්ගේම හියුන් තමන් ආදරේ කරන කෙල්ල එක්ක තුරුල් වෙලා හොදට ඉන්න එක කොල්ලට විශ්වාස කරන්න පූලුවන්ද?

කොල්ලා ස්කූල් එක අස්සට ගියෙත් දුකින් මූන එල්ලගෙන... play boy කෙනෙක් නොවුනත් වෙනදට ලගට එන කෙල්ලෙක්ට ඇහැක් හරි ගහගෙන යන කොල්ලා අද මූනත් එල්ලන් යන්නේ... කොල්ලා ඔහෙ class එකට යන්න ආවත් notice board ලග නැවතුනේ ඇස් කොනෙන් දැක්ක දේ බොරුවක් වෙන්න කියලා හිතන ගමන් ඒත්... දුකින් පිරිලා තිබ්බ හිත තවත් දුකින් පිරුනේ Annual concert එක cancel කරලා කියලා තිබුන නොටීස් එක දැක්ක නිසා...

wash room එක පැත්තේ ඉදන් තනියෙන් මුමුන මුමුන නහයෙන් ආපු ලේත් අතින් අරහෙටයි මෙහෙටයි කරලා පිහිද පිහිද ආව යූනා දැක්කේ නිකටටත් දබරඇගිල්ලක් තියන් notice board එක දිහා බලන් ඉන්න කොල්ලව... කෙල්ල ආපහු නහය අල්ලලා බලන්නේ තාමත් නහයෙන් ආපු ලේ තියනවද බලන්නයි... නහයේ ලේ නෑ කියලා sure කරගත්ත කෙල්ල දුව ගෙන ගිහින් ටේගේ අතේ එල්ලෙන්නේ ටේ ව දැක්ක සතුටට... ඒත් ටිකක් වෙලා ගිහින් කොල්ලගේ මූන දිහා බලපු පාර කෙල්ල දැක්කේ කොල්ලා බලන් ඉන්නේ කෙල්ල දිහා නෙවේ notice board එක දිහා කියලා... එතකොට තමා කෙල්ල දැක්කේ notice එකක් තියනවා කියලත්... කොහෙද ඉතින් කොල්ලව දැක්කම ඕවා පේනවයැ... මොකද කෙල්ල හිටියේ කොල්ලගේ සිහියෙනේ...

"වාහ්!"

කෙල්ලගේ කටින් නිකන්ම එහෙම කියවුනේ notic board එකේ තිබුන දේ දැකලයි... එතකොටම කෝහෙද ඉදන් කඩා පාත් වුන පිටසක්වලයෙක් වගේ ටේ යූනා දිහා බලන් හිටියේ 'තොට පිස්සුද?' අහන්න වගේ බැල්මක්...

"මොකද ඔහොම බලන්නේ?"

කෙල්ල ඇහුවේ කොල්ලා ඔරවගෙන බලා ඉන්න එක තවත් ඉවසන්න බැරි නිසයි... මොකද ඉතින් මෙතන ටේට කෙල්ලට ඔරවන්න දෙයක් වුනේ නෑනේ...

Loving The Playboy (Completed)Where stories live. Discover now