"ඔම්මා..."
එහෙම කියාගෙන දුවගෙන ගිහින් පුන්චි කෙල්ලෙක් තමන්ගේ අම්මගේ දිග ගවුමේ එල්ලුනේ චූටි හිනාවක් කටේ රදවගෙනමයි...
"මොකද චූටි princessට ඔම්මව මතක් වෙලා?"
කෙල්ලගේ ඔම්මා ඇහුවේ චූටි කෙල්ලගේ කොන්ඩේ අතින් ටිකක් අවුල් කරන ගමන්...
"ඔම්මා... අපි බනීවත් එක්කන් එනවා නේද?"
චූටි කෙල්ල මූනත් ඇල කරලා අම්මගෙන් ඇහුවේ අම්මගේ ප්රතිචාරේ මොකක්ද බලන්නයි... කෙල්ලගේ ඔම්මට ඒක අහපු ගමන් හිනාවක් ගියේ මේ කෙල්ලට ඒ කොල්ලා නැතුව විනාඩියක්වත් ඉන්න බෑ කියල හිතුන නිසයි...
"එක්කන් එන්නම්කෝ..."
ඔම්මා එහෙම කියපු ගමන් පුන්චි කෙල්ල ඔම්මගේ ගවුම අතඇරලා දුවගෙන ගියේ තමන්ගේ ඔප්පා ලගට...
"ඔප්පා..."
"වේ?"
"අනී... නිකන්... හී"
ඔව්... ඔව්... පුන්චි කෙල්ල ඔප්පා එක්ක රන්ඩුවක් අල්ලගෙන ඔප්පා තරහ වෙලා... කෙල්ල ආයිත් කට ඇද කරගෙන කාමරේට ගියේ තමන්ගේ පුන්චි doll වත් අරගෙනයි...
ටිකකින් ජන්කුක් , mr.Choi වෙන කෙල්ලගේ අප්පගේ යාලුවෝ කෙල්ලගේ ගෙදරට ආවේ ගෙදර තිබුන පාටියටයි... ඔව්... කෙල්ලගෙ ඔම්මා කට්ටියටම පොඩි ඩිනර් එකක් කට්ටියටම ලෑස්ති කලේ කට්ටිය කාලෙකින් හම්බුනේ නැති නිසයි... පොඩි කෙල්ලගේ කන් කෙදිරියටම ජන්කුක්වත් dinner එකට එක්කගෙන ආවේ චූටි කෙල්ලගේ සතුට වෙනුවෙනුයි...
"ඔලී princess"
Dinner අරන් ඉවර වෙලා කාමරේකට වෙලා ඉන්න අතරේ ජන්කුක් ඔලීට එහෙමත් නැත්තම් යූනට කතා කලේ මහ මනුස්සයෙක් වගේ... කෙල්ලත් ජන්කුක් කතා කරපු සැටියෙන් ගිහින් කොල්ලගේ අතේ එල්ලුනෙ කොල්ලගේ පිරුනු කම්මුලටත් කිස් එකක් දීලමයි... කෙල්ලගේ ඔප්පා ඇද උඩ තිබුන කෙල්ලගේ ඩෝල්ව අරන් කාමරෙන් එලියට දිව්වේ කෙල්ලව ටිකක් අවුස්සන්න හිතාගෙනයි...
"අහ්... ඔප්පා..."
කෙල්ලත් ජන්කුක්ගේ අත අතඇරලා කොල්ලගේ පස්සෙන් දිව්වේ කොහොම හරි ඩෝල්ව ගන්න අදහසිනුයි... ජන්කුක්ත් , කාමරේ ඉතුරු වුන mr.choiගේ පුන්චි දුවත් කෙල්ලගෙයි කොල්ලගෙයි පස්සෙන් දිව්වේ කොහොම හරි යූනට ඩෝල්ව අරන් දෙන්න හිතාගෙනයි... ඒත් වුනේ හිතපුවත් නැති දෙයක්... ඔලී ඇකිලිලා තිබුන පාපිස්සක පැටලිලා වැටුනේ කවුරුත් හිතන්නත් කලින්... ඔලීගේ පැටලිලා ටිකක් පිටිපස්සෙන් දුවගෙන ආපු mr.choiගෙ දුවත් වැටුනේ ජන්කුක්ට කටින් හිනාවක් පනිද්දිමයි... ඒත් චූටි කොල්ලා හිනාව පාලනය කරගෙන ඔලී ලගට ගිහින් කෙල්ලව සනසන්න පටන් ගත්තේ කෙල්ල අඩන්න පටන් ගත්ත නිසයි... කෙල්ලගේ ඔප්පා නම් පේන මානෙකවත් නෑ... එච්චර හයියෙන් කොල්ලා දුවලා... බිම වැටුනු mr.choiගේ පුංචි දුව නැගිටලා ටිකක් වෙලා ඔලිකුක් දිහා බලන් ඉදලා කදුලු පිරුනු ඇස් වලින් එතනින් දිව්වේ තමන්ගේ ඔම්මවයි අප්පවයි හොයාගෙනයි...
YOU ARE READING
Loving The Playboy (Completed)
Romanceපුංචි පින්සලකට පුළුවන් වගේ.. මැටි බඳුනක් ලස්සනට රටා මවලා හැඩ කරලා මල් බඳුනක් කරන්න, ඒ පුංචි සුරංගනාවිටත් පුලුවන් වුනා.. ඔහේ හිස්ව ගෙවපු මගේ ජීවිතේට ආදරේ කියන පාට එකතු කරලා හරි ලස්සන කරන්න... She is a girl who has been looking for beautiful love a...