CHAPTER 21

1.3K 315 68
                                    

"යාහ්... හොල්මනා...ක්"

දොර ඇරගෙන කාමරේට ආපු Tae අතේ තිබුන බඩු ටිකත් එතනම බිම අතඇරලා බෙරිහන් දෙන්න පටන් ගත්තේ ඇද උඩ දොරට පිටිපස්ස හරවගෙන වාඩි වෙලා හිටපු එක්කෙනා දැකලයි... ඇද උඩ හිටපු කොල්ලා අතේ තිබුන phone  එකත් බිම අතඇරලා Taehyung ලගට පැනලා කොල්ලගේ කට වැහුවේ තව පොඩ්ඩක් හයියෙන් මේ යකා කෑ ගැහුවොත් අහල පහල ගෙවල් වල මිනිස්සුත් එයි කියන බයටයි...

"යා... හියුන්ග් මේ මම කට වහගන්නවකෝ..."

"ම්..තූමොකජමෙගේකරන්දේ..."

"යා... මොකද හියුන්ග් බක බක ගාන්නේ... කියන දෙයක් තේරෙන්න කියනවකෝ වදේ..."

"මජේකතින්අටහබ්බවා..."

"මොකක්?? Oops sorry hyung"

කොල්ලාගේ ටියුබ් ලයිට් මොලේට දැන් තමයි තෙරුනේ ටේ බක බක ගාන්න හේතුව... කොල්ලා පටස් ගාලා කොල්ලගේ කට වහලා තිබ්බ අත අරන් ටේට ගොන් හිනාවක් දැම්මේ දැන් නම් කොල්ලගෙන් හොද දේශනාවක් අහන්න වෙන බව දැන දැනමයි...

"යහ් බූරුවා! මොනාද මගේ ගෙට රිංගගෙන කරන්නේ? කොහෙන්ද password? යාහ්! මන් බය වුනා... මදිවට කාමරේටත් ඇවිත්... මෝඩ හා තඩියා! ඒ මදිවට බක බකත් ගානවලු... බක බක නෙවේ හැක හැක...ආයිශ්!"

"Hyung ඔයා Jin hyungව ෆලෝව් කරන්න ඉගෙන ගන්නවද? ඔහොම නම් බෑ තව ටිකක් ප්‍රැක්ටිස් වෙන්න වෙයි..."

කන් දෙකේ ඇගිලි දෙක ගහගෙන ටේ කියපු ඔක්කොම අහන් හිටපු කොල්ලා ගිහින් ඇද උඩ තිබුන ෆෝන් එක අතට අරන් කකුල් දෙකත් බැදගෙන ඇදෙන් වාඩි වුනේ ආයිත් ගේම් ගහන්න බලාගෙනයි...

"මුලින්ම කියනවා තමුසෙට කොහෙන්ද password?"

ටේ බිම වැටුනු බඩු වලටත් පයින් ගහගෙන ජන්කුක් ලගට ගිහින් කොල්ලා ගේම් ගගහා හිටපු ෆෝන් එක උදුරගත්තේ ටේ අහපු ප්‍රශ්නෙට කොල්ලා උත්තරයක් දුන්නේ නැති නිසයි... ගේම් එකේ සිහියෙන් හිටපු ජන්කුක්ට ටේ කියපු දේ ඇහුනද කියන එකත් සැකයි... කොල්ලා ඇස් දෙක බෝල කරගෙන ටේ දිහා බැලුවේ ඇයි phone එක ගත්තේ කියලා අහන්න වගේ...

"Hyung ඕක දෙන්නකෝ... next level එකට යන්න තව චුට්ටයි..."

බලන් ඉදලා බැරිම තැන කොල්ලා ඇස් දෙකත් බෝල කරලා කටත් උල් කරලා කතා කලේ කොල්ලගේ හුරතලේ ලගදි කොල්ලගේ හියුන්ග්ලා කොහොමත් කොල්ලට නැවෙනවා කියලා දන්න නිසයි...

Loving The Playboy (Completed)Where stories live. Discover now