"Yah Jeon Jungkook! තමුසෙට කොහෙන්ද මගේ princessට රිද්දන්න හයියක්..."
යූනාව තමන්ගෙන් ඈත් කරපු කොල්ලා කෑ ගහගෙන ජන්කුක් පැත්තට ගියේ ජන්කුක්ව මරලා දාන්න තරම් කෙන්තියක් කොල්ලගේ හිතේ දලු ලද්දියි... කොල්ලා ජන්කුක් ලගට ගිහින් කොල්ලගේ shirt එකෙන් ඇදලා ගත්තේ ලග හිටපු කෙල්ල බය වෙලා ඇදුමත් හදාගෙන එතනින් යද්දියි...
කොල්ලා ජන්කුක්ගේ මූනට හයියෙන් පාරක් ගැහුවේ කොල්ලගේ නහයෙන් ලේ එන්නමයි..."හියුන්ග්!"
නහයෙන් ආපු ලේ ටික පිහදාන ගමන් කොල්ලා ඇස් ලොකු කරගෙන බැලුවේ තමන්ගේ ඉස්සරහා ඉන්න කොල්ලා දිහයි...
"යාහ්! කවුද හියුන්ග්? Shit! ආයි ඔය කටින් මට හියුන්ග් කියන්න එපා! මන් බලන් හිටියා හැමදාම... තමුසේ අද හදෙයි අද හැදෙයි කියලා... ඒත් නෑ... තමුසේ හැමදාම කලේ කෙල්ලෙක් අල්ලන් නටපු එක... මන් හිතුවා තමුසේ යූනා ලගදිවත් හැදෙයි කියලා... තමුසේ අන්තිමට මගේ කෙල්ලටත් රිද්දුවා... බලනවා ඒකි අඩනවා! තමුසේ නිසා අද මගේ කෙල්ලගේ ඇස් වල කදුලු යකෝ!"
කොල්ලා ජන්කුක්ගේ උරහිස දෙපැත්තෙන් අල්ලගෙන කොල්ලව හොලෝ හොලො කොල්ලට බැනගෙන ගියේ හිතේ තිබුන දුක නිසයි... එක පැත්තකින් තමන්ගේ අසරනි... අනික් පැත්තෙන් තමන්ගෙම මල්ලි වගේ හිටපු එකා... තමන්ගේ පොඩි එකා... ඕනිම අයියෙක් මේ වගේ තැනකදි අසරන වෙන එක සාදාරනයි... ඒත් කොල්ලා... එයා හොදටම දන්නවා මෙතන වැරැද්ද ජන්කුක්ගේ කියන්න...
"Oo hyung! Hyung yoonaට ලව්ද? මට නිකමට හිතුනා... wow hyung! දැන් ඉතින් යාලුවෙන්නකෝ දෙන්නත් එක්ක මට පව් නොදී... ඔන්න මන් එයාව අතඇ-"
ජන්කුක් කියපු එක කියලා ඉවර කරගන්න වුනේ නැත්තේ කොල්ලා ජන්කුක්ට බිමට වැටෙන්නම පාරක් ගහපු නිසයි... බිම වැටිලා හිටපු කොල්ලගේ ඇග උඩට නැගපු කොල්ලාගේ මූන දෙපැත්තට ගහගෙන ගියේ කොල්ලගේ නහයෙන් කටෙන් තුවාල වෙලා ඒ එද්දිමයි... හැබැයි කොල්ලා අදත් තමන්ගේ හියුන්ග්ලට දෙන්න ඕනි ගෞරවය රැක්කා... ජන්කුක්ට කොල්ලා කොච්චර ගැහුවත් ජන්කුක් කලේ ඒ පහරවල් වලක්වගන්න ට්රයි කරපු එක විතරයි... වෙන කෙනෙක් වුනා නම් අනිවාරෙන් කරන්නේ තමන්ට ගහන කෙනාටත් පෙරලා ගහන එක... ඒත් ජන්කුක්ට එහෙම බෑ... ජන්කුක් තමන්ගේ හියුන්ග්ලට සැලකුවේ තමන්ගේ දෙමව්පියන්ට වගේ... ඉතින් මොන ලමයටද පුලුවන් තමන්ගේ ඔම්මටයි අප්පටයි අත උස්සන්න ගහනකොට බලන් ඉන්නවා මිසක්...

YOU ARE READING
Loving The Playboy (Completed)
Romanceපුංචි පින්සලකට පුළුවන් වගේ.. මැටි බඳුනක් ලස්සනට රටා මවලා හැඩ කරලා මල් බඳුනක් කරන්න, ඒ පුංචි සුරංගනාවිටත් පුලුවන් වුනා.. ඔහේ හිස්ව ගෙවපු මගේ ජීවිතේට ආදරේ කියන පාට එකතු කරලා හරි ලස්සන කරන්න... She is a girl who has been looking for beautiful love a...