Tae කෙලින්ම ගියේ wash rooms පැත්තට... ජිමිනත් ඒ පස්සෙන්ම ගියේ කොල්ලා මොනා හරි කරගනී කියන බයටයි... ටේ washroom එකේ තිබුන mirror එකක් කුඩුවෙන්න අතින් එකක් ගැහුවේ පිටිපස්සේ හිටපු ජිමිනා බය වෙලා කොල්ලා ලගට ඒද්දි...
"යා... ටේ තමුසෙට පිස්සුද? මෙ බලනවා තුවල වෙලා..."
කොල්ලා ටේට බනින ගමන් තමන්ගේ සක්කුවට අත දාලා ලේන්සුව අරන් කොල්ලගේ ලේ ගලන අතේ බැන්දා...
"ජිමිනා... ජිමිනා මගේ යූනා... අනේ එයා..."
ටේ ජිමින්ගේ උරහිසින් ඔලුව තියාගෙන අඩන්න ගත්තේ පොඩි එකෙක් වගේ... ජිමින් ටේගේ ඔලුව අත ගෑවේ කොල්ලව පොඩ්ඩක් relax කරන්න හිතාගෙනයි... ඉකි ගගහා අඩන taehyungට එයාගේ ඇඩුම නවත්තගන්න ටික වෙලාවක් ගියා...
"ටේ මේ අහපන්..."
ජිමින්ගේ උරහිසේ ඔලුව තියාගෙන හිටපු කොල්ලව උස්සලා කොල්ලගෙ උරහිස් දෙපැත්තෙන් අල්ලගෙන ජිමින් කතා කලේ කොල්ලගේ මූනට එබෙන ගමන්... ටේ ඔලුව උස්සලා බැලුවේ ඇයි අහන්න වගේ...
"ටේ උබ යූනට ආදරෙයිද?"
"ජිමිනා ඇයි බන් මටම... ඇයි මෙච්චර ප්‍රශ්න... එක අතකින් මගේ පලවෙනි ආදරේ... මගේ ඇස් ඉස්සරහම මට නැති වෙලා යනවා... aaaarrrrrrgggghhhhh ජිමිනා මට බෑ... මට තවත් ජීවත් වෙන්න බෑ ජිමිනා..."
ජිමින්ගේ ප්‍රශ්නෙට කීසිම උත්තරයක් නොදී ටේ කලේ ජිමින්ව බදාගෙන කෑ ගගහා අඩපු එක... ජිමින්ටත් කොල්ලා දැන් ඉන්නේ දුකින් කියලා තේරුන නිසාම ආයිත් මොකුත් කොල්ලගෙන් අහන්න ගියේ නැත්තෙ කොල්ලගේ හිත රිදෙයි කියන බයටයි... මොකද කොල්ලා දන්නවා ටේ කියන්නේ හරිම සංවේදි කෙනෙක් කියලා...
"ටේ..."
"ම්ම්..."
"අපි යමු ඕකට බෙහෙත් ටිකක් දාගන්න..."
"හ්ම්..."
කොල්ලා එහෙම කියලා ටේවත් ඇදගෙන එතනින් ගියේ ලේ පෙරන අතට බෙහෙත් දාන්නයි...
---------------------------------------------------------------------------
අඩ අඩ හිටපු කෙල්ලට එක පාරටම කැස්සක් ආවේ කෙල්ල අතින් කට තද කරලා අල්ල ගනිද්දි... කෙල්ල තමන්ගේ skirt එකේ සක්කුවට අත යැව්වේ ලේන්සුවක් හොයන්නයි... ඒත් කෙල්ල පරක්කු වැඩී... කෙල්ල ලේන්සුවක් හොයාගන්න කලින්ම කෙල්ලගේ අත පිරුනේ කෙල්ලගේ කටින් ආපු ලෙ වලින්...
YOU ARE READING
Loving The Playboy (Completed)
Romanceපුංචි පින්සලකට පුළුවන් වගේ.. මැටි බඳුනක් ලස්සනට රටා මවලා හැඩ කරලා මල් බඳුනක් කරන්න, ඒ පුංචි සුරංගනාවිටත් පුලුවන් වුනා.. ඔහේ හිස්ව ගෙවපු මගේ ජීවිතේට ආදරේ කියන පාට එකතු කරලා හරි ලස්සන කරන්න... She is a girl who has been looking for beautiful love a...