CHAPTER 08

1.3K 281 6
                                    

"ජින් හියුන් කොහෙද හොබී හියුන්...??"

කතා කර කර ඉදලා කතා කරන්න දෙයක් නැතිම තැන ජේකේ අනිත් අයගෙන් ඇහුවා... අනේ අම්මපා මෙහෙමත් යාලුවෝ... තමන්ගේ යාලුවන්ගෙන් අඩු අයව මතක් වෙන්නේ ඔක්කොම කතා කරලා හෙම ඉවර වුනාම...

"උන් දෙන්නම තාම නිදිද දන්නෙත් නෑ... තව ටිකක් බලලම කෝල් එකක් ගමු..."

Namjoon කොල්ලා අහපු දේට උත්තර දුන්නේ ජින් කට අරින්නත් කලින්... ඔව්... ඉතින්... හිනා සාගරේක ගිලිලා හිටපු ජින්ට එයාගේ හිනාව නවත්තගන්න ටිකක් වෙලා ගියා... දන්නවනේ ඉතින් ජින් හිනාවෙන්න පටන් ගත්තම මොන වගේද කියලා... ඒක ඉතින් ආයි අමුතුවෙන් කියන්න ඕනි නෑනේ...😂😂😂

"හායි කට්ටිය..."

ඒත් එක්කම එතනට ආවේ හනා...

"හායි හනා... කෝ යූනා...??"

"ටේ මම දැන් ඉන්නෙ යූනගේ apartment එකේ නෙවෙයි... අපේ අම්මට ටිකක් අසනීප නිසා මම ඉන්නේ අපේ අම්මත් එක්ක..."

"එතකොට යූනා අද ආවේ නැද්ද..?"

"අම්මෝ කොල්ලට තියන ප්‍රශ්න ගොඩ..."

Jimin taehyung දිහා බලන් ඇහුවා... ටේහියුන් ජිමින්ට පිච්චිලා අලුවෙලා යන බැල්මක් දැම්මා...

"එයා සමහරවිට මට කලින් එන්න ඇති... මමත් මේ ආපු වෙලේ ඉදන් එයාව හොයන්නේ..."

"Annyeseyo කට්ටිය"

එතකොටම ටකරටම ගල් ගහනවා වගේ හායි කියාගෙන එතනට කඩා පාත් වුනේ හෝසොක්... hoseok පස්සෙන්ම ආපු යූන්ගිත් ඈනුමකුත් අරින ගමන් ජින් ලග තිබුන පුටුවට බර වුනේ ආයි ඇලට් එකක් දාන්න හිතාගෙන...

"යකෝ තමුසෙලා අහවල් මගුලක් කලාද යකෝ මෙච්චර පරක්කු වෙනකන්...?? අපි මේ කෝල් එකක් ගන්න හැදුවේ"

ඔන්න ඉතින් සුපුරුදු ලෙස ජින් එයාගේ වීනාව වයන්න පටන් අරගෙන...

"යා... හියුන් මෙන්න මූ මට gate එක ගාව ඉන්න කිව්වා මූ එනකන් ඒකයි පරක්කු වුනේ..."

Hoseok පොඩි ලමයෙක් වගේ මූනත් හදාගෙන එක අතක දබරැගිල්ල yoongi දිහාට දික් කරගෙන කිව්වා...

Loving The Playboy (Completed)Where stories live. Discover now