CHAPTER 13

1.2K 258 1
                                    

#Lovingtheplayboy
Chapter 13

"Oppa..."

Yoona තමන්ට සුපුරුදු පාර්ක් එකේ තමන්ගේ ඔප්පගේ උනුහුමට තුරුලු වෙලා හිටියේ හරියට පොඩි එකෙක් වගේ... අද එතන හරිම ලස්සනයි නිස්කලන්කයි... ලාවට පත්තු වෙන විදුලු පහනෙන් ලැබුනු එලිය එතනට ගෙනාවේ අමුතු ලස්සනක්...

මේ අයියයි නන්ගියි අද හිතේ හැටියට ඒ ලස්සන විදිනවා... ඔප්පත් තමන්ගේ නන්ගිව හරිම ආදරෙන් බදාගෙන හිටියේ මොනා වුනත් තමන්ගේ නන්ගිගේ දුක එයාට හොදටම දැනෙන නිසයි...

"Mmmm"

"ඔයා අද මාත් එක්ක ඉන්නකෝ..."

"ඇයි දැන් මගේ ප්‍රින්සස්ට මාව ඕනි වෙලා..."

ඔප්පා කෙල්ල දිහා හරි ආදරෙන් බලන ගමන් ඇහුවේ කෙල්ලගේ ඔලුව අතගාන ගමන්... කෙල්ලට නම් ඔවා පේන්නේ නෑ... කෙල්ල ඔප්පගේ පපුවට ගුලි වෙලා කාලෙකින් විදින ඒ පපුවේ තියන උනුසුම විදිනවා... කෙල්ලට පොඩි කාලේ කෙල්ලගේ ඔම්මයි අප්පයි කෙල්ලව දාලා ගියාට පස්සේ කෙල්ලට ඔම්මා අප්පා කෙල්ලගේ හැමදේම කොටින්ම කිව්වොත් මුලු ලෝකෙම වුනේ එයාගේ ඔප්පා... ඇත්තම කිව්වොත් හැමෝම හිතන් හිටියේ ඒ චූටි යූනා පවා හිතන් හිටියේ කෙල්ලගේ ඔප්පාත් කෙල්ලව දාලා සදහටම යන්නම ගිහින් කියලයි... ඒත් ටික මාසෙකට විතර පස්සේ හනාගේ අම්මලා ගෙනාපු සුබ ආරන්චිය නිසා... ඒ හිටපු පුංචි කෙල්ල ගොඩක් සතුටු වුනා... ඔව්... ඒ තමන්ගේ ඔප්පා ඒදා වුන accident එකෙන් බේරුනා කියපු ආරංචිය... අදටත් ඒ ආරංචිය නිසා කෙල්ල සතුටින් තමන්ගේ ඔප්පගේ පපුවට තුරුලු වෙලා ඉන්නවා...

"නිකන්......

ඒක නෙවෙයි ඔප්පා... මම අහන්නමයි හිටියේ... මට ඔන්නි කෙනෙක් හෙම නැද්ද?"

යූනා ඇහුවේ ඔප්පගේ පපුවෙන් තියන් හිටපු මූන උස්සලා ඔප්පගේ ඇස් දිහා මූන ඇද කරලා බලන ගමන්...

"අපිට කොහෙද අනේ නූනා කෙනෙක් හිටියේ?"

"යා...ඔප්පා... ඔය හොදටම දන්නවා මම මොකක්ද අහන්නේ කියලා..."

යූනා ඔප්පගේ පපුවෙන් ඔලුව අරන් පපුවට පාරක් ගහලා කිව්වා...

Loving The Playboy (Completed)Where stories live. Discover now