ජන්කුක් කෙල්ලගේ නලලට පොඩි කිස් එකක් දීලා යන්න හැරුනේ කෙල්ලට පොඩි හිනාවක් දාගෙනමයි... කෙල්ලගේ හිතට ඇත්තටම දැනුනේ ලොකු සැනසීමක්... අවුරුදු ගානක් හෙව්ව තමන්ගේ ආදරේ අද ඒ ආදරේ අයිතිකාරයට කියාගන්න පුලුවන් වුනා... කෙල්ල ටිකක් වෙලා ඈතින් යන Jungkook දිහා බලන් හිටියේ මුනේ ඇදුනු හීනී හිනාවත් එක්කමයි... කෙල්ල හැරිලා තමන්ගේ ඔප්පව හොයාගෙන ගියේ මේ ගැන කියන්නයි... මේක ඔප්පට කියන්න ඕනි කියලා කෙල්ලගේ හිත කිව්වත් කෙල්ලගේ හිතේ පොඩි බයක් තිබුනේ ඔප්පා කොයිම වෙලාවකවත් කෙල්ල ජන්කුක් එක්ක යාලුවෙනවට කැමත්තක් තිබුනේ නැති නිසයි... එත් කෙල්ල සුපුරුදු පරිදි ඔප්පව හොයාගෙන සකුරා ගහ යටට ගියේ බැනුම් අහන්න හරි ඔක්කොම කියනවා කියලා හිතාගෙන හිත හයිය කරගෙනයි...
වෙලාවකට අරහෙටයි මෙහෙටයි ඇවිද ඇවිද තවත් වෙලාවකට සකුරා මල් දිහා බලාගෙන කෙල්ල කාලය ගෙව්වේ කෙල්ලගේ ඔප්පා එනකන් බලාගෙනයි... ඒත් කෙල්ල පැය බාගයක් විතර බලාගෙන හිටියත් කෙල්ලගේ ඔප්පා එතෙන්ට ආවේ නෑ... යන්න නැගිට්ට කෙල්ල දැක්කේ ඈතින් අත් දෙකත් බැදගෙන එන කෙල්ලෙක්ව... කෙල්ල කෑ ගහන්න කට ඇරියත් පිටිපස්සෙන් එන කෙනා දැක්කම කෙල්ලගේ කට ආයිත් වැහුනා...
"Hey Yoona"
කොල්ලෝ දෙන්නම කෙල්ලගේ දෙපැත්තෙන් ඇවිත් වාඩි වුනේ කෙල්ලට හිනාවකින් සංග්රහා කරන ගමන්...
"Chim oppa"
"කවුරු?"
ජිමින් ඇහුවේ මූනත් අකුලගෙන...
"හී... ජිමින් ඔප්පා කියන එක ටිකක් දිග වැඩීනේ... ඒක ශෝර්ට් කලා..."
"ආ... මේක කනවා..."
Teahyung අතේ තිබුන sandwich එක කෙල්ලගේ මූනට දික් කලේ මූනට දමලා ගහනවා වගේ... ජිමිනත් තමන්ගේ අතේ තිබුන milk shke එක කෙල්ලගේ අතට දුන්නේ හිනාවක් දාන ගමන්...
"චිම් ඔප්පගේ හිනාව angel කෙනෙක්ගේ වගේ..."
"එතකොට මන් මොකා වගේද?"
Taehyung ඇහුවේ කෙල්ලට රවලා... කොල්ලට කේන්ති යන එක සාදාරනයි... ජිමිනවත් ඇදගෙන කෑමත් අරන් කොල්ලා ආවේ කෙල්ල නොකාම එතනින් දුවපු නිසයි... අන්තිමට ජිමිනට තමා ඔක්කොම හොද ටික...
YOU ARE READING
Loving The Playboy (Completed)
Romansපුංචි පින්සලකට පුළුවන් වගේ.. මැටි බඳුනක් ලස්සනට රටා මවලා හැඩ කරලා මල් බඳුනක් කරන්න, ඒ පුංචි සුරංගනාවිටත් පුලුවන් වුනා.. ඔහේ හිස්ව ගෙවපු මගේ ජීවිතේට ආදරේ කියන පාට එකතු කරලා හරි ලස්සන කරන්න... She is a girl who has been looking for beautiful love a...