CHAPTER 04

1.6K 328 11
                                    

[New day]

ඊයේ රෑ හැමෝම Jin ගේ ගෙදර ගිහින් රෑ party දාලා එහේම නැවතුනා. දැන් නම් මේ ගෙදර සුලි කුනාටුවකට අහු වුනා වගේ. උදේ school යන්න කට්ටිය එකම කාලගෝට්ටියයි.

"Suga නැගිටිනවා!!!"

"Hyung නිදාගන්න දීලා යනවකෝ...."

"තෝ කීය වෙනකන් නිදාගන්නද හිතන් ඉන්නේ??"

"කීය වෙනකන් හරි."

"හරි එහෙනම් තෝ නිදාගනින්."

කට්ටිය යූන්ගිට කිව්වේ සුගා කියලා...එහෙම කියන්නේ මොන හේතුවක් නිසාද කියලා කවුරුවත් දැනගෙන හිටියේ නෑ.... සමහරවිට එයාගේ skin එක sugar color නිසා වෙන්න ඇති.... ජින් Hyung මාර ගෙමක් දෙනවා උදේම මූව ඇහැරවගන්න. ඒත් මූට නම් කිසි ගානක් නෑ.... ආයි කම්මැලි පූස් තඩියෙක් වගේ අනිත් පැත්ත හැරිලා bedsheet එකත් ඔලුවේ ඉදන් පොරොවාගෙන නිදාගත්තා.

යා.....පොඩි එකා මොකක්ද ඒ උදේ පාන්දරම කල වැඩේ...???

Suga කෑ ගැහුවේ එක පාරටම සීතල වතුර පාරක් තමන්ගේ මූනට දැනුන නිසා.... වෙන කවුරු ඉතින් ඔය වගේ වැඩ කරන්නද JK මිසක්. ඒ නිසාම කොල්ලා මූනවත් බලන්නෙ නැතුව ගානට වැඩේ කරපු එකා කිව්වා. කොල්ලට දැන් මරු කේන්ති. ඇයි යකෝ... උදේ පාන්දරම සීතා වතුර එකකින් නාන්න වුනාම කාටද කේන්ති නොයන්නේ..??

කාටද යකෝ උබ ඔය පොඩි එකා පොඩි එකා ගාන්නේ අපේ JKටද??

ආ... හියුන්ග් කියන්නේ මම පොඩි නෑ කියලද දැන්... මම තමා මෙතන පොඩ්ඩා..

උබේ වැඩ පොඩි නෑනේ වයසින් පොඩි වුනාට....

යා.... Joonie , kookiyaa මම උබලට කිව්වේ ඕකව ඇහැරවගෙන එන්න කියලා විතරයි ඔතන වලි කන්න කිව්වේ නෑ......

ජින් හ්‍යුන්ග් පහල ඉදන්ම ආයිත් කෑ ගහන්න පටන් ගත්තා.

යා... Jin හ්‍යුන්ග් උදේ පාන්දර වතුර ගහලද ඇහැරවන්නේ???

Suga ගේ මූන දැන් කොච්චි මිරිස් කරල වගේ රතු වෙලා.... කොල්ලට එන තරහා මොකාගෙන් පිට කරගන්නද කියලා හිතාගන්න බෑ.... කොල්ලා තිබ්බ කේන්තියටම ලග තිබ්බ කොට්ටේ අරන් ගැහුවේ කොට්ටේ JK ගේ ඔලුවේ වැදිලා යන විදියට..... JK ත් තමන්ට ගහපු කොට්ටෙම අරන් අනිත් පැත්තට sugaට යැව්වේ කාටවත් second වෙන්න තියන අකමැත්ත නිසාමයි.... sugaත් ඇදෙන් බැහැලා ඇවිල්ලා කුකියා පස්සෙන් එලවන්න පටන් ගත්තා. දැන් මෙතන තුන්වෙනි ලෝක යුද්දේ ආරම්බ වුනා වගේ.... RM පැත්තකට වුනේ පොඩි එකාට දුවන්න ඉඩ හදලා දීලා.... කුකියා ඉක්මනට පහලට දුවලා ගිහින් හැන්ගුනේ Jin හියුන්ගේ පිටි පස්සේ.....

Loving The Playboy (Completed)Where stories live. Discover now