CHAPTER 23

1.3K 294 31
                                    

School ඇරිලා එහෙම්මම school uniform පිටින්ම කොල්ලා ආවෙ club එකට... හැමදාම යන එන කෙනෙක් නිසා කොල්ලට ක්ලබ් එක අස්සට යන්න බාදාවක් තිබුනෙත් නෑ... Club එකේ අදුරු පැත්තකට වෙන්න තැනක් බලලා එතනට ගිය කොල්ලා වාඩි වුනේ තමන්ට අවශ්‍ය බීම වර්ග ඕඩර් කරගෙනමයි... ටිකක් වෙලා යනකොට ජන්කුක් හිටියේ සුපුරුදු පරිදි හොදටම බීගෙන මෙලෝ සිහියක් නැතුව... මොනා නැතත් අද කොල්ලා ලග කැපිලා පේන වෙනසක් තිබ්බා... වෙනදට කෙල්ලෝ දෙතුන් දෙනෙක් උකුල උඩ ඉන්න ජන්කුක්ගේ උකුලේ අද එක කෙල්ලෙක්වත් පේන්න හිටියේ නෑ... කොල්ලා ලගට කොච්චර කෙල්ලෝ ආවත් කොල්ලා අද ඒ ඔක්කොටම බැනලා එලෙව්වේ කොල්ලගේ මූඩ් එක අද හොද නැති නිසයි... ඒත් ඒ ඇයි? යූනා නිසාද? කොල්ලටවත් ඒ ප්‍රශ්නෙට උත්තරේ හිතාගන්න බෑ...

ටිකකින් කොල්ලගේ බෙල්ල වටේ අත් දෙකක් එතුනේ කොල්ලව ටිකක් ශොක් කරලයි... ඒත් මෙච්චර වෙලා ලගට ආපු කෙල්ලන්ව එලවපු කොල්ලට මේ කෙල්ලව එලවගන්න තරම් සිහියක් තිබ්බේ නෑ... හොදටම බීලා මත් වෙලා හිටපු කොල්ලව තවත් මත් කරන්න ජන්කුක්ගේ පපුව පුරා දුවන කෙල්ලගේ අත් දෙක සමත් වුනා... මේකෙන් වුනේ කොල්ලා මෙච්චර වෙලා යටපත් කරගෙන හිටපු හැගීම් දිය යට තිබ්බ රබර් බෝලයක් වගේ උඩට ආපු එක...

"Baby, come here!"

කොල්ලා තමන්ගේම උකුලට තට්ටුවක් දාන ගමන් කිව්වේ මත් වුන කට හඩකින්... මෙච්චර වෙලා පිටිප්ස්සේ හිටපු කෙල්ල කොල්ලා ලගට ඇවිල්ලා කොල්ලගේ උකුලෙන් වාඩි වෙලා කොල්ලගේ අතේ තිබ්බ හිස් වීදුරුව අරන් පැත්තකින් තිබ්බේ ආයිත් කොල්ලගේ පපුව පුරා රටා අදින ගමන්... හෙමින් සැරේ කොල්ලගේ තොල් වලට බර වුන කෙල්ල කොල්ලගේ තොල් උරන්න පටන් ගත්තේ කොල්ලව හැගීම් ගොන්නකින් මත් කරන ගමන්...

"ම්හ්ම්...ම්ම්... යූනා..."

කොල්ලගේ කටින් හීනි කෙදිරියක් පිට වුනේ කොල්ලටත් නොදැනිමයි... ඒත් ඒක කියපු සනික කොල්ලගේ උකුල උඩ හිටපු කෙල්ල නැගිටලා කොල්ලගෙන් ඈත් වුනේ අත් දෙකෙන්ම තමන්ගේ ඔලුව අල්ලගන්න ගමන්...

'මන්... මන් මේ මොකක්ද කලේ? දෙයියනේ යූනා... මගේ කුකී... ඔක්කොම දුක් විදින්නේ මන් නිසාද? අනී.. නෑ... මන් මොකුත් කලේ නෑ... ආහ්! මට පිස්සු වගේ... කුකී ඇයි මට ආදරේ කරන්න බැරි? පොඩි කාලේ ඉදන්ම ඔලී... ඔලි... ඔලි... විතරයි කටෙ තිබ්බේ... දැන් යූනා... යූනා... මටත් දුක දැනෙනවා දෙයියනේ...'

Loving The Playboy (Completed)Where stories live. Discover now