The Lord of weito -( Green Lord💚💚)
.
.
.
පහ කොටස- 05
( Red Rose King )
.
.
.
යීබෝ ෂාන්ගේ මෘදු පපුව මත තම දෙකම තබා ආධ්‍යාත්මික බලය ෂාන්ගෙ ළය මතට කේන්දුගත ගත කලේය..ලයට යොමු කරන ලද කිරණ හදවතට උරා ගනිමින් වැඩි බලයන් පිටතට විසිරිණි..
ෂාන්ගේ ගත පුරා Green -Gold වර්ණ සමමිශ්‍රණය වූ අතර ෂාන් එම ආලෝකය මත තවත් වර්ණ ගැන් වී සුන්දරව පෙනුනි...
යීබෝ තම ලා කොළ පැහැති අඩවන් දෑසින් එම සුන්දර දර්ශනය නිහඩවම රස විදින්නට විය .
තම හිතින් මෙම විශ්මිත මිනිසා ගැන තවත් දැන ගැනීමට ඔහු අසල සිටීමට යීබෝගේ මනස නිරායාසයෙන්ම ප්‍රිය කරන්නට විය...
පැයක් පමණ ගත වූ පසු Lord chin පැමිණියේය..
චෙන් පැමිණ යීබෝ තම ආධ්‍යාත්මික බලය ෂාන් වෙත සම්ප්‍රේෂණය කරන ආකාරය බලා සිටියේය..
තමා ඉදිරියේ සිටින මෙම අපූර්ව දෙවියා සහ සාමාන්‍ය මිනිසා දෙස බැලූ චෙන් තම හිතින් හිතුවේ...
යීබෝ කොළ මාණික්‍යක් නම් ෂාන් රතු මාණික්‍යයක් බවයි.. එය එකට ඝට්ටනය වූ විට එය සුන්දර දර්ශනයක් වන්නේය..
චෙන් තම හිතෙන් මෙම කඩවසම් දෙවියා සහ මිනිසා දෙස බලා සිටියේය..
දෙවියා සහ මිනිසා එකට සිටින විට ඇති ගැලපීම පිළිබඳවද ඔහු මවිත වී මුවඟ සියුම් සිනහවක් ඇති කරගත්තේය ..
චෙන් නිහඩව යීබෝට ඉඩ දී කාමරයේ දොර වසාගෙන පිටතට ගියේය..
දැනටමත් පැය 6 ක් පමණ ගත වී ඇත..
යීබෝ එකම ඉරියව්ව්වෙන් සිටිමින් තවමත් බල සම්ප්‍රේෂණයේ සිටියේය..
මද වේලාවකින් ෂාන්ගේ මුහුණේ ඇහි බැම එකිනෙකට ලං වූ අතර දෑස් පොඩි විය..
පසුව එය සමාන්‍ය වී මුව අග සියුම් සිනහවක් ඇතිවිය..යීබෝ මෙම ෂාන් තුළ ඇතිවන මුහුණේ ඉරියව් නිසා විශ්මයට පත් විය..
සාමාන්‍ය මනුස්සයෙකුට වඩා මොහුගේ විශේෂයක් දුටු යීබෝ මොහු නිසා තමා තුළ ද යමක් ඇති වෙන බව වටහාගත්තේය..
එවිට ෂාන් තුළින් විහිදෙන වර්ණ දෙකට අමතරව රක්ත වර්ණයක් ද විහිදුනි..
YOU ARE READING
The Lord of Weito-(YizhanFF✔️🔚)
Fanfictionවසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord )සහ රෝස් දිව්‍යරාජයා ( red rose king ) ගේ වික්‍රමාන්විතයන් අතරින් ගලා යන ප්‍රේමාන්විතය...