The Lord Of Weito - ( Green Lord )
දහඅට කොටස-18 ( Red wine )
Lord Earth ගේ දෑත් මත හිර වී සිටි Red King අසරණ ලෙස Weito දෙස බැලීය ..
" ඔහ්... සමාවෙන්න.. ඔබට මාව මතක නෑනේ..
ඔබේ නැවත ඉපදීම නේ මේ....Red King පුදුමයෙන් Earth දෙස බැලීය...
" කලබල වෙන්න එපා.. පෙර භවයේ අපි හොද යාලුවෝ....
ඔබට දැන් මාව මතක නෑ තමයි.. මා නම් වසර ගණනාවක් ගත වී ඇති නිසා මදක් වෙනස් වෙලා ගිහින්...ඔබ නම් පෙර භවයේ සිටි ලෙසටම ඉන්නවනේ.. බොහෝම කඩවසම්...
Earth Red king ගේ හිසේ සිට පාදාන්තය දක්වා බලමින් පැවසුවේය...පසෙක සිටි weito ගේ දෑස් තුළ කටු අනිනවාක් මෙන් පුපුරමින් සිටියේය....
එය දුටු Earth ට සිනහ පහල වීම වලක්වාගත නොහැකි විය....
" හා...හාහ් හාහ්හ්හා.......... අයිතිකාරයෝ බලන් ඉන්නවනේ Earth කට කොනින් සිනහ වී Red king ට පැවසුවේය...
" අපි වාඩි වෙලාම කතා කරමු... තිදෙනා අසල ඇති කුඩා මේසයක් වටා ඇති රූ කාපට් මත වාඩි විය..
"කෝ අත දෙන්න... Earth Red king ගේ අත රැගෙන නාඩි පරීක්ෂාවක් කලේය...
ඔහු නිහඩව තම දෑස් පියාගෙන ලං වූ ඇහිබම මතින් සිටියේය...
මද වේලාවක් ගොස් තම දෑස් ඇරියේය.."ම්ම්ම්ම් සුෂී කිව්ව හරි.. ඔයා මනුස්සයෙක් ..
ඒත් පෙර ආත්මයේ ඉතුරු වුනු ආධ්‍යාත්මික බලයෙන් අල්ප මාත්‍රයක කොටසක් ශරීරයේ ඉතුරු වෙලා තියනවා.." ඔයා weito එක්ක බල සම්ප්‍රේෂණයක් කරගෙන නේද??
" ඔක්කොම දෙන්නා අවුල් කරගත්තා නේද...???
Earth බැරෑරුම් ලෙස ඇසීය..." ඇයි මොකක්ද ගැටලුව උතුමාණෙනි ..,
Weito දිගු නිහැඩියාවකට පසුව ඇසීය..." දැන් ඔයාට තමයි එයාව පුහුණු කරලා පූර්ණ බලය කළමනාකරණය කරන්න වෙන්නේ...මාස්ටර්ලගෙන් පුහුණුවෙන්න පුළුවන් ඒත් ඔයාට ලගම ඉන්න වෙනවා..
" මොකක්........?????යීබෝ තම දෑස් විශාල කරගත්තේය ...
" මොකටද මම ඒය සිදු කරන්න අවශ්‍ය????
" මොකද ඔබගේ බලය මොහුගේ බලය ලබා ගැනීමේ දී නිරායාසයෙන් ආකර්ෂණය වෙනවා.
ESTÁS LEYENDO
The Lord of Weito-(YizhanFF✔️🔚)
Fanficවසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord )සහ රෝස් දිව්‍යරාජයා ( red rose king ) ගේ වික්‍රමාන්විතයන් අතරින් ගලා යන ප්‍රේමාන්විතය...