The Lord Of weito....
.
.
.
.
.
.
ෂාන් යීබෝගේ උකුළ මත හිස තියාගෙන තද නින්දේ පසු විය...
නමුත් යීබෝ දෑස් පියාගෙන සිටියා පමණි.. නින්ද අහලකවත් නොතිබුණු අතර විටෙක ෂාන්ගේ හිස අතගාමින් ද තවත් විටක නලල මත හාදු තැවරීම ද සිදු කලේය.." මං දන්නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා ඒත් අපි අපිට ඕනි දේවල් අරගෙන යන්නම ඕනි බනී..
මම පොරොන්දු වෙනවා ඔයාව ආරක්ෂා කරනවා කරනවා කියලා.. මගේ අන්තිම මොහොත වෙනකන් ම...යීබෝ හිතෙන් තමාට හැමවිටම වෙන පොරොන්දුව නැවත සිදු කලේය..
පසුදින ඉර එළිය වැටෙනවාත් සමඟ සියලු දෙනාම අවදි වූ අතර ෂාන් නම් තවමත් කම්මැලියෙකු සේ නිදමින් සිටියි...
" බබා.....නැඟිටින්න. අපි යන්න ඕනි....
ෂාන් හිමීට ඇස් හැර පසුව නැගිට්ටේ ය...
" අපි යමු.. වෙයිටෝගේ අණ පරිදි සියලු දෙනා ඝන වනාන්තරය අතරින් ඉදිරියට ගියේය...
කට්ටියම මේ බලන්න.. මේ වගේ ශාක ඔයාලා දැක්කොත් මේකට ඒකේ බල හරය එළියට අරන් එකතු කරගන්න.. වෙයිටෝ ශාක කීපයක රූපයන් තම බලය මගින් මවා පෙන්නුවා.
මේවගෙන් ඕනි එකක් ගන්න...
මේවගෙන් පිටතට බල ආලෝකය නිකුත් කරනවා වගේම ශාකය ආරක්ෂා කරන්නත් ආධ්‍යාත්මික සත්වයන් ඉන්නවා...
එයාලත් අපිට අභියෝගයක්...( අධ්‍යාත්මික ශාක )
මේ බෝතල්වලට ඔයාලගේ බලය ඒ වෙලාවට යොමු කරන්න.. පස්සේ ශාකයට අල්ලන්න...
බාධක ඒවී... ඒත් ඔයාලා දක්ෂ දෙවිවරු...
YOU ARE READING
The Lord of Weito-(YizhanFF✔️🔚)
Fanfictionවසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord )සහ රෝස් දිව්‍යරාජයා ( red rose king ) ගේ වික්‍රමාන්විතයන් අතරින් ගලා යන ප්‍රේමාන්විතය...