34- ( වන ද්වාරයේ විලෝපිතයින් )

678 211 66
                                    

The Lord Of Weito - Green Lord....
.
.
.
.
.
වෙයිටෝට මානසික සන්නිවේදනය මගින් ලෝඩ් අර්ත් ප්‍රකාශ කර සිටියේ ඉක්මනින් සූදානම්ව පෘථිවි මාළිගයට පැමිණෙන ලෙසටයි...
එය එක සේ රෙඩ්ටත් ලැබී තිබුණත් ඔහු එය සිහිනයක් ලෙස දකිමින් තද නින්දේ පසුවීය...
වෙයිටෝ පිටතට යන ගමන නවතා රෙඩ් කැදවාගෙන ඒමට නැවත කුටියට ගියේය..
ඒ යන විටත් රෙඩ් ගුලිවී තවමත් නිදා සිටී....

" ඒයි.... නැගිටිනවා... ෂාන්.......???? බනී....???? ඇති නිදාගත්තා...
අහ්..!
' දැන් රෙඩ් නේ... ඒයි රෙඩ්... ???
රෙඩ් නැගිටින්න. අපි යා යුතුයි.. පෘථිවි මාළිගයෙන් පණිවිඩයක්...!

එක ක්ෂණයෙන් රෙඩ් නැගිට අතුරුදහන් විය...

" කුමක් ද...?? මට කියන්න එපා ඔහු මා දමා ගියා කියලා...???
වෙයිටෝගේ ඉහ මොළ රත් වීය...

" හොදයි. යීබෝද තම බලය භාවිත කර ඉක්මනින් පෘථිවි මාළිගයට ගියේය...
යන විටත් රෙඩ් පෘථිවි සමග පිළිසදරේ ය...

අවට බැලූ වෙයිටෝ දුටුවේ රෝස ලෝකයේ යුෂේන් ද තවත් අනු දෙවිවරු දෙදෙනෙක් ද පසෙකින් සිටින අයුරුයි...
ඔවුන්ගේ වස්ත්‍ර ශ්වේත වර්ණයෙන් එලිය දෙන්නට විය. එහි වාටි අතර කියඹු ලතා රටා මගින් අලංකාර විණි..
එය පෘථිවි මාළිගයේ ගෝලයන් සංකේතවත් කරයි...
යීබෝ දුටු පෘථිවි කතා කළ අතර රෙඩ් යීබෝ දෙස බලා මද සිනහවක් නැගුවේය...

" පැමිණෙන්න වෙයිටෝ.. මොවුන් නුඹ දෙදෙනාට සහයට...
පෘථිවි අත දිගු කොට අනු දෙවිවරු දෙදෙනා පෙන්වීය ..
විලෝපිත කැළයට යන ගමනේ දී මොවුන් නුඹට උපකාරී වෙයි...

" මේ යූෂේන්.. රෝස ලෝකයේ අයෙක්.
නුඹ දැනටමත් මොහු හදුනන වග මා දනිමි..

" මේ හියුන්සන් දකුණු මාළිගයේ අනුදෙවියෙක්. මොහු ඉතා බුද්ධිමත් වගේම බල හරය ශක්තිමත් අයෙක්. අවශ්‍ය නම් බලය තාවකාලිකව සම්ප්‍රේෂණය කර ගත හැක...

" මේ හයිකුආන් මෙයා බටහිර මාළිගය බාර අනු දෙවි කෙනෙක්..
මොහුට බට නලා සංගීතය මගින් තම බලය පාලනය කළ හැකියි..

(දකුණු හා බටහිර මාළිගා යනු පෘථිවි දිව්‍යරාජ මාළිගයේ කොටස් වේ. මෙම අනු දෙවිවරුන් ඔහු යටතේ සිටින විශ්වාසනීය දෙවිවරුන් දෙදෙනෙකි.. )

The Lord of Weito-(YizhanFF✔️🔚)Where stories live. Discover now