The Lord Of Weito- ( Green Lord💚❤️)
.
.
.
.
පහලොව කොටස-15- බෝනස්
( යූෂේන් )
.
.
.
.
ෂාන් තම කදුළු ඇතිවෙන තුරු වතුරට මුදා හැරි අතර දෑස් රතු වී ඉදිමී තිබිණි..." මට වැඩක් නෑ.. ඇයි මම අඩන්නේ.. එයාට මාව එපානම්...මට ඕනිත් නෑ... ඔව්... මට ඕනිනෑ...
එකවරම පිටුපසින් කිසිවෙකු එන බව ෂාන්ට තේරුනේය...
"මොකටද ඔයා ආවේ යීබෝ... මට ඔයාගෙන් වැඩකුත් නෑ.. ඔයාට ඕනිනම් මාව අතාරින්න.. මට ඕනි නෑ...
ෂාන් ඒ දෙස නොබලා පවසා නැවත වතුර මත හිස සගවා ගත්තේය ...
පැමිණි පුද්ගලයා තම කටහඩ අවදි කලේය..
" උතුමාණෙනි මේ මම.....
ඉතාම සංසුන් කටහඩක් ෂාන්ට ඇසුණු අතර ඒ යීබෝගේ නොවන බව තේරුණු අතර ෂාන් ඔහු දෙස හැරී බැලුවේය.....
" බඩී.... අහ්.... සමාවෙන්න.. ඔයාගෙ නම මට මතක නෑ... මොකක්ද ඔයාගෙ නම.. ???
ශ්වේත වර්ණ ලෝගු යුනිකෝන් මිනිසාගෙන් ෂාන් ඇසීය..
මගේ නම යූෂේන්...ඔහු ඉතාම ප්‍රසන්න ලෙස පැවසුවේය...
"අහ්... හරිම ලස්සන නමක්.. එහෙම තියෙද්දි මං ඔයාට බඩී කිව්වනේ.. ෂාන් සුහදශීලී ලෙස පැවසීය...
ෂාන් තෙත බේරුණු ඇදුම් මතින් ගොඩට පැමිණි අතර ශ්වේත වර්ණ යට ඇදුම් මතින් ෂාන්ගේ කලවා පිරිපුන් හා මනාලෙස දිලිසුනේය...
ෂාන් ගලක් මත වාඩි වී යූෂේන් දෙසට තම රෝස පැහැ ඉදිමිණු දෑස් හෙලුවේය...
" ඉතින්.. ඔයා මාව හොයාගෙන ආවේ ඇයි..??
" උතුමාණන් කණගාටුවෙන් කියලා දැනුනා...
" හ්ම්ම්ම්ම්ම්ම් ෂාන් ගැඹුරු සුසුමක් හෙළන්නට වීය...
" මට උතුමාණන් කියන්න එපා... මට ෂාන් කියන්න..
මං ඔයාට යූෂෙන් කියන්නම්. මොකද ඒ නම ලස්සනයි ...සුපුරුදු ලෙස ෂාන් යූෂේන් සමග මිතුරු වීය..
යූෂේන් ද ෂාන්ට ඉතා කැමති වීය...
" උතුමා..අහ්.. නෑ ෂාන් දන්නවද මම තමයි ඔයා එක්ක මවපු අනෙත් කෙනා... ඒත් මම ඔයා තරම් උතුම් දෙවි කෙනෙක් නෙවෙයි...
YOU ARE READING
The Lord of Weito-(YizhanFF✔️🔚)
Fanfictionවසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord )සහ රෝස් දිව්‍යරාජයා ( red rose king ) ගේ වික්‍රමාන්විතයන් අතරින් ගලා යන ප්‍රේමාන්විතය...