The Lord Of Weito - ( Green Lord )
.
.
.
.
.
දෙදෙනා අවසානයේ ස්නේක් මාස්ටර්ගෙන් පුහුණුව ලැබීමට යන්නට ගියේය...
නමුත් යීබෝට දැනුනේ ෂාන් වෙනදා මෙන් නොව තමාගේ ඇගට ආවරණය වෙමින් පසුපසින් සෙමින් පැමිණෙන බවකි.. ඒ අතර අත් එකිනෙකට අතුල්ලමින් නොසන්සුන් ලෙස හුස්ම ගන්නටත් වීය...
යීබෝ මද වේලාවක් එය ඉවසා සිටි අතර අවසානයේ දෙදෙනා ස්නේක් මාස්ටර්ගේ දොරටුව ඉදිරියට පැමිණියේය...
නමුත් එකවර යීබෝ හැරී බැලුවත් ෂාන් තමාට වඩා අඩි 5-6ක් දුරින් සිට බිම බලා සිටුණු දක්නට ලැබුණි....
යීබෝ සෙමින් ෂාන් වෙතට ගියේය..." ඇයි මැණික...???
යීබෝ ෂාන්ගේ බිමට නැමුණු මුහුණ නිකටෙන් ඔසවා තම දෑසට ඒ දෑස් යා කෙරුවේය..."බෝ.... මම මම බෝ ඉන්න ද එළියෙන්....?? ෂාන් අදිමදි කරමින් ඇසීය...
" අනේ ඇයි බබා ඒ...???
" බෝ මට බයයි බෝ.... මං එයාට බයයිනේ... එයාගේ ඇස් මට නින්ද ගියාමත් මතක් වෙනවනේ බෝ.. අනේ බෝ.... ෂාන්ගේ කොපුලක් මතට දෑසෙහි පිරුණු කදුලක් වැටුණි..
යීබෝ එකවරම ෂාන්ව තුරුළු කරගත් අතර සෙමින් හිස පිරිමදින්නට වීය...
ටික වේලාවක් පිට ද හිස ද පිරිමැදි යීබෝ අවසානයේ ෂාන්ගේ මුහුණ තමා දෙසට හරවා ගත්තේය ..." අහන්නකෝ වස්තුව. ඔයාට මාව විශ්වාස නැද්ද.??
" එහෙම නෙවෙයි බෝ.....
"මේ බලන්නකෝ.. මම ඉන්නවනේ.. අනික Tiger Master තරම්වත් එයා සැර නෑ බබී... ඇරත් ඔයා මං ඉන්නකන් බය වෙනවද අනේ.. මම ඔයාව පරිස්සම් කරනවනේ වස්තුවනේ ඔයා මගේ....
එවිට ෂාන්ගේ මුහුණ මත ලා හිනාවක් ඇදුණි...
ෂාන් හිමීට යීබෝගේ පිටට ගොඩ උනි..." අහ්.. ????
" මට බයයි ඒ නිසා මාව ළූණු ගෙනියන්න. ෂාන්ගේ මූන මත කපටි හිනාවක් ඇදුණි...
" අනේ අනේ කපටි කොල්ලා... යීබෝ හිස පැත්තට කර යීබෝගේ උරහිස මතට බර කර තිබූ කොපුලකට හාදුවක් තැබීය...
යීබෝට ෂාන්ගේ හුරතලය නිසා ස්වර්ග ලෝකයම දැනුනේ ඇත්තෙන්ම ස්වර්ගයක් ලෙසමය...." ඔන්න අපි යමු එහෙනම්.... සර්ප හිසක් සහිත දොරට තම බල ආලෝකය බිදක් යොමු කල අතර විශාල සර්ප හිස් දොරටුව ක්රාස්.............හඩක් නංවමින් ඇරුණි...
ෂාන් තම දෑස් සහ නාසය හකුළ ගත්තේ දොරටු ගුහාව තුළ දැනෙනා අමුතු දුර්ගන්ධය මුසු දර්ශනය සංවේදනය නොකිරීමටයි....
YOU ARE READING
The Lord of Weito-(YizhanFF✔️🔚)
Fanfictionවසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord )සහ රෝස් දිව්‍යරාජයා ( red rose king ) ගේ වික්‍රමාන්විතයන් අතරින් ගලා යන ප්‍රේමාන්විතය...