සැබෑ මාෆියා ජීවිතය

507 80 19
                                    

Taehyung POV

ඇගේ තිබ්බ අමාරුව නිසා මාව එකපාරටම ඇහැරුනා .වෙලාව බලනකොට උදේ හතයි .jungkook හොදටම නිදාගෙන හිටියෙ.ඌව නිදන් ඉන්න හැටි දකින කොට මට දුකක් හිතුනා.මොනා වුනත් ඌ මගෙ මල්ලි වගේ.මල්ලි වගෙ නෙමෙයි එයා ඇත්තටම මගෙ මල්ලි තමයි. මෝඩයා .

මම මේසෙ ලගට ගිහිල්ලා වතුර ටිකක් බිවුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම මේසෙ ලගට ගිහිල්ලා වතුර ටිකක් බිවුවා.එතකොටම jungkook කතා කරා .

Jk : මොකද.උබටත් නින්ද යන්නෙ නැද්ද.

Tae : ඇයි .උබට නින්ද යන්නෙත් නැද්ද .

Jk : නෑ බන්.එවෙලෙ අමාරුව දැනුනෙ නැති වුනාට දැන් නම් ඉන්න බෑ.

Tae :ඔව් බන් .ඉන්න බැ මටනම් ඇගම දැවිල්ලයි. මොනා වුනත් උනුත් අපිට හොදට ඇටෑක් කරානෙ.

Jk : හ්ම්ම්ම්ම්.ඔව් බන්.දැන් මොකද කරන්නෙ.

Tae : මොකද කියන්නෙ .hospital යමුද.pain killers ටිකක් හරි දෙයිනේ.

Jk : හරි එහෙනම්.වෙනසකටත් එක්ක අද එහෙනම් hospital ගිහිල්ලා ඊටපස්සෙ පොඩි රවුමක් ගහමුද. ගොඩ කාලෙකින් drink එකක් දැම්මෙත් නෑනෙ.

Tae : ඒක මරු.ඇගේ පතේ හිතේ තියන අමාරු නැතිවෙලා යන්න එහෙනම් drink එකක් ගමු.

Jk : මටනම් තියෙන්නෙ ඇගෙ අමාරු විතරයි .තොට මොනාද යකෝ තියන හිතේ අමාරු.

සැක් .මම කා ගත්තා වැඩේ.jungkook ගෙ සමච්චල් හිනාව තමයි මට ඉවසන්නම බැරි.මූ එක්ක කතා කරද්දි වචනයක් වැරදුනොත් ඉවරයි .සැක්

Jk : ආ හරි හරි මට තේරෙනවා.යූලියාගෙ අත තුවාල වුනානෙ නේද.හරි හරි දුක් වෙන්න එපා.

Tae : නවත්තගනින් හරිද බූරුවො .

මම jungkook ට ගහන්න නැගිටින්න හැදුවත් මගෙ කකුල රිදෙන්න ගත්තා . ඒ නිසා මම ආයෙ ඉද ගත්තා.

Kill or love ( sinhala ff)Where stories live. Discover now