LOVE

368 51 14
                                    

Author POV

යූලියා කෑ ගහගෙන යනකොට එයාගෙ සද්දෙට Taehyung යි Jungkook යි දෙන්නා එකපාරටම හිටපු තැනින් නැගිටලා යූලියාගේ පැත්තට හැරුනා.තත්පර කීපයයි ඉතුරු වෙලා තිබුනේ.යූලියාගෙ  අතේ තිබුනෙ පිහිය ඒ වෙනකොටත් Jungkook ගෙ පපුවට බොහොම පොඩි දුරකින් තිබුනෙ.

Yulia මිටිමොලවගෙන හිටපු පිහිය Jungkook ගෙ පපුවට එල්ල කරගෙන  Jungkook ගෙ ලගට ආවා.Jungkook ට ල්කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ.හෙල්ලෙන්නවත් වෙලාවක් තිබුනේ නෑ.

පිහියේ උල Jungkook ගෙ පපුව ලගට යනකොටම Yulia නතර උනා.හරියට එතනින් එහාට එයාගෙ අත වැඩ කරන්නෙ නෑ වගේ යූලියා නතර උනා.Jungkook යි Yulia යි අතර තිබුනෙ පිහියෙ පරතරය විතරයි .Jungkook එයාගෙ අතින් යූලියාගෙ ඉනවටේ අත දාලා අල්ල ගත්තා. හැබැයි තාමත් පිහිය තිබුනේ Jungkook ගෙ පපුවට එල්ල වෙලා.yulia ගෙ ඇස් වලින් ඉවරයක් නැතුව වැටුනු කදුලු වලින් Jungkook ගෙ සුදු පාට shirt එක තෙත් උනා.

Yulia පිහිය Jungkook ගෙ පපුවට තියාගෙන හිටියෙ.තව ටිකක් Yulia ගෙ අත ඉස්සරහට ගියානම් Jungkook ගෙ පපුව පසාරු කරගෙන යනවා.

Jungkook : ඔයාට පුළුවන් ද මාව මරලා දාන්න.ඔයාට පුළුවන් නම් මාව මරන්න එහෙනම් මට කමක් නෑ .මාව මරලා දාන්න.

Taehyung ලග එවෙලෙ පිස්ටල් එකක් තිබ්බා.Jimin යි Taehyung යි දෙපැත්තෙ ඉදගෙන පිස්ටල් දිග්කරගෙන මේක දිහා බලාගෙන හිටියෙ.

Jungkook යූලියාව තවත් එයාගෙ ලගට ගත්තා.yulia තාමත් Jungkook මරන එක අත ඇරලා තිබුනෙ නෑ.Jungkook එයාව තව ටිකක් අතින් තද කරලා ලගට ගත්ත නිසා yulia එයගේ අතේ තිබ්බ පිහිය Jungkook පපුවට තියලා ටිකක් තද කරා .පිහියෙ තුඩෙන් Jungkook  ගෙ පපුව ටිකක් තුවාල උනා.එයාගෙ සුදු පාට  shirt එක දිගේ රතු පාටට ලේ ගලාගෙන ආවා.Jungkook  තව ටිකක් යූලියාව එයාගෙ ලගට ගත්තා .දැන් ඒ දෙන්නා අතර තිබුනෙ හුස්මක පරතරයක් විතරයි  . ඒ දෙන්නා ඇස් දෙකට ඇස් දෙක බලාගෙන හිටියෙ.Yulia  ට Jungkook  ගෙ හුස්මත් Jungkook  ට යූලියාගෙ හුස්මත් හොදට දැනුනා.

Jk : ඇයි නතර උනේ ... තව ටිකක් ඕක තද කරන්න...මට රිදෙන්නෙ නෑ.

Yulia : මට බෑ.............................😭

Yulia  එහෙම කියලා තත්පරයක් විතරයි ගියේ.Jungkook  ලගට ඇවිල්ලා ඒ දෙන්නා අතර තිබ්බ හුස්මක පරතරෙත් නැති කරා .

Kill or love ( sinhala ff)Where stories live. Discover now