40 Chapter

665 135 320
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

එක පාරටම කාමරේ දොරට තට්ටු කරන සද්දෙට මම හැරිලා බැලුවා.
ඇත්තටම මම හිටියේ මේ ලෝකේ නෙමෙ..

👽" එන්න.."

ඇත්තටම මට එච්චර ලොකුවට හිතුණේ නැ.
මම හිතුවෙම ඒ එන්නෙ යුමී කියලා..
ඒත්...😶😶😶

🐻" දිනූ...."

😶😶😶😶😶😶
තේහ්‍යුන් ඔප්පා!

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

කාමරේ දොර ගාවම හිටගෙන ඉන්න තේහ්‍යුන් ඔප්පාව දැකලා මට හීන් දාඩිය දැම්මා..
කිසිම හේතුවක් නැතුව මට ළග තියෙන එකක් අරන් මූණට දමලා ගහන්න තරම් අවේගයක් ආවත් එදා වීදුරුවෙන් ගහපු සීන් එක මතක් වුනු නිසා අමාරුවෙන් ඉවසගෙන හිටියා ..

🐻"මට...ටිකක් කතා කරන්න පුලුවන් ද???"

මම මොකුත් නොකියා ඔහේ බලාගෙන හිටියා..
මොනා කතා කරන්නද?

🐻" ම්ම්ම්...මට දැනගන්න පුලුවන් ද එදා.....මම ගෙදර ආවට පස්සෙ සිහිය නැතිවෙන්න කලින් මොකද වුනේ කියලා? මට ඒක මතක් වෙන්නෙම නෑ..😐"

මම කොහොමද ඒක මෙයාට කියන්නෙ?
මගේ අතෙන්ම වීදුරුවකින් ගුටි කාලානෙ මෙයා සිහිනැති වුණේ .😐

🐻" 😐😐 දිනූ???"

👽" මම දන්නෙත් නෑ ඔප්පා.."

🐻" අහන්නකො..මට මොකුත්ම මතක නෑ..නමුත් මට ගෙදරට එනකන් වුනු දේවල් මතකයි..."

තේහ්‍යුන් එහෙම කියලා බිම බලාගත්තා..
ඇතියාන්තම් !
ඒ ටික අමතක වෙලා නැ..

👽" හ්ම්ම්.."

🐻"මට හිතෙනවා...ඔයා මාව මග අරිනවා කියලා..ඇත්තටම මගෙ අතින් වුණු දේවල් වලට මට සමාවගන්න ඕනෙ ..."

හහ්...
සමාව දෙන්න පුලුවන් දේවල් ද ඒ?

👽" හා.."

🐻" ඇත්තටම...සමාවෙන්න..ඔයාව රිද්දුවානම්..බය කළා නම්..."

👽" ඔයා සමාවෙන්න කියන වචනය දන්න එක ගැන මට සතුටුයි ඔප්පා."

මගෙ හිතේ තිබ්බ කේන්තියත් එක්කම මම එක පාර කිව්වා ..
තේහ්‍යුන් ඇස් දෙකත් ලොකු කරගෙන මම දිහා බලන් හිටියෙ නිකන් වෙනම ලෝකෙකින් කඩාපාත් වෙලා වගේ..

💜️Mine Only💜️Where stories live. Discover now