...............................................................................
"ජන්කූක්!!!💢💢" Jungkook උඩින් ගිහින් පුඩින් වෙලා ඇහැරුණේ ජින් හියොන්ග් තමන්ගේ ශ්‍රී නාමය අගහරු වැසියන්ටත් ඇහෙන තරම් ස්ද්දෙට කෑගාපු හින්දයි.
"ජියෝන් ජන්කූක්. පහළට. දැන්."
"ඒ පාර මොන යෙකෙක් වැහිලද?" කියලා හිතපු Jungkook අද වෙන්දටත් වඩා උණුසුම් ඇදෙන් එලියට බඩ ගෑවේ පුදුම අක්මැත්තකින්.
"ජියෝන් ජන්කූක්. පහළට. දැන්ම. තමුසෙ එනවද නැත්නං මං එන්නද?💢"
"අෆ්ෆා..." ජින් හියොන්ග් ගේ මල පැනපු කටහඩ අහපු කුකියට තේරුණා මොකක් හරි හරුපයක් තමා කියලා.
"මොකද අප්පා මන් කොලේ?" කියල හිතපු Jungkook පහළට ගියේ මොන වැරැද්ද අහුවුණේ කියල හිතන ගමන්. ඊයේ එයා නිදි මතේ පිගන් වලට vim නොදා surf excel දාලා මැද්ද ද?(මොකද දැන් අවුරුදු කීපයකට ඉහතදී එහෙම උනානේ.) නැත්තං... එයා අවුරුදු ගානක් තිස්සේ ජින් හියොන්ග්ගේ වටිනා රෝස පාත්තියට යූරියාත් පෝරනේ කියල මුත්‍රා සමග යූරියා පිට කලා කියලා අහු උනාද? එයා ඉතින් හොන්දටනේ කලේ... කඩෙන් ගන්නේ මොකට ද නොමිලේ දාන්න පුලුවන් එක?එහෙමත් නැත්තං නරකම එක... එයා University එකේ final exam එක උඩින්ම fail උනා කියලාවත් දැනගත්තද්? ඒත් එයා professor noonaට නම්ජුන් හියොන්ග්ගේ නම්බරේ දුන්නනේ එක ගෙදරට නොකියන්න පගාව විදියට...
Jungkook පහලට ගාටන ගමන් mehema කල්පනා කලේ හෙල්මට් එකක් දාගෙන යන එක වඩා සුදුසුද නැත්නම්... අව්ලක් නෑ එයා වේවලත් ගේ පිටි පස්සේ වලලානේ තියෙන්නේ... දැං ඉතිං මොකෙන් ගහන්නද එයාට...
BẠN ĐANG ĐỌC
සිහින කුමරා ‖ Taekook❤︎ ‖ completed
Fanfictioncover by lchi_jk මායා නගරයේ අදුරු සෙවණැලි අතර සැගවුණු රහස කුමක්ද? තාමත් සිහින ලෝකෙක ගැලිලා ඉන්න යුනී student කෙනෙක් අවුරුදු සිය ගණනකට කලින් මීදුම වගේ එකපාරටම රජ්යයමය කම්පා කරවමින් අතුරුදහන් වූ කුමාරයෙක්... මෙයාලගේ කතාව කොහොම වේවිද? start 28.0...