....🎶තනුව🎶.... හතලිස් දෙවන වෙළුම...

469 74 10
                                    


                 

මම නාලා එනකොට තනුර අයියා කාමරේ හිටියෙ නෑ.ඉක්මනට ඇඳුමක් දාගෙන උඩ තට්ටුවට ගියෙ තනුර අයියා වෙනුවෙන් මම ගත්ත දේත් කළිසම් සාක්කුවට ඔබාගෙන.

මම තනුර අයියගෙ කාමරේ දොර ගාවට යනකොටම එයා කාමරෙන් එලියට ඇවිත් දොර වැහුවා.

"අයියෙ මොනවද තියෙන්නෙ ඕක ඇතුලෙ.?"

"දැන් පෙන්නන්නම්කො.ඇස් වහගන්න." තනුර අයිය අත්දෙකෙන් මගෙ ඇස් වහගත්තා.කාමරේ ඇතුලට ගිහින් ඇස් ඇරියම මම දැක්ක දේ මගෙ ජීවිතේ ලස්සන මතකයක් විදිහට සටහන් වුනා කිව්වොත් නිවැරැදියි.

කාමරේ කිසිම ලයිට් එකක් පත්තු කරලා තිබුනෙ නෑ.ඒත් හඳ එලියෙන් මුළු කාමරේම ආලෝකමත් වෙලා තිබුනා.වටපිට බලනකොටයි මන් හේතුව  දැක්කෙ.තනුර අයියා කාමරේ වහලෙට ලොකු වීදුරුවක් සවි කරලා. තරු පිරුණ අහස ඒකෙන් පේන විදිහට.පුංචි කාලෙ ඉඳන් තරුවලට ආස මට ඒක පෙනුනෙ දිව්‍ය ලෝකයක් වගේ.

"කැමතිද ඒකට." තනුර අයියා ඇහුවෙ මගෙ උරහිස තරමට පහත් වෙමින්.

"ඔව් අයියෙ.මේ ගැනද ඔයා කිව්වෙ."

"ඔයා එනවා කියපු නිසයි මේ විදිහට වෙනස් කලේ.මුළු රෑම ඔයාට තරු බලන්න පුළුවන්නෙ.ඔයයි මමයි හැමදාම මෙහෙ ඉන්න ආවම."

" ඒ වගේ කාලයක් එයිද අයියෙ?"

"අනිවාර්යයෙන්ම එනවා මැණික"

"ඔයා මන් ආස දේවල් ගැන හරියටම  දන්නවා නේද අයියෙ?" මන් ඇහුවෙ තනුර අයියා දිහාට හැරෙන ගමන්.

"ඔව්.එහෙම නැතුව බෑනෙ.ඒත් ඔයාට දෙන තෑග්ග බැලුවෙ නෑනෙ."

"ඒත් මීට වඩා මොනවද?"

"තරු අතට ගෙනත් දෙන්න හිතුවෙ"තනුර අයියා හිනාවුනා.

"ඒක කරන්න බෑනෙ" මම කිව්වෙ අහිංසක විදිහට හිනාවෙමින්.

"මටනම් බෑ.අර වහලා තියන එකට පුළුවන්." තනුර අයියා පෙන්නුවෙ රෙද්දක් පොරවපු තරමක් ලොකු දෙයක් පෙන්වමින්.

"ගිහින් බලන්න."තනුර අයියා මාව ඒ පැත්තට තල්ලු කලා.

මම එතනට ගිහින් රෙද්ද ඉවත් කලා.එතන තිබුන දෙය දැක්කම මගෙ ඇස් සතුටින් දිලිසෙන්න ගත්තා.

තනුවNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ