....🎶තනුව🎶.... විසි තුන්වන වෙළුම.....

516 102 1
                                    


                

මියුරු කිව්ව හැමදේම මන් නිශ්ශබ්දව අහගෙන හිටියා.මට ඕන වුනේ නෑ එයාට බාධා කරන්න.
එයාගෙ කතාවෙන් පස්සෙ ඇතිවුනේ දිගු නිහැඬියාවක්.
අම්මා ඇවිත් මියුරු අයියට තේ එක දීලා ගියා.අම්මා කවදාවත් මගෙ පෞද්ගලික දේවල් හාරාවුස්සන්න එන්නෙ නෑ.ඒක එයාගෙ හොඳ ගතිගුණයක්  විදිහටයි මම දැක්කෙ.ටික වෙලාවකින් මම කතා කලා.

"හරි අයියෙ ඔයා මැරුනෙ නැ කියලා මන් පිලිගන්නම්.ඒත් ඇයි ඔයා මාව හොයාගෙන ආවෙ?"

"මොකද කියනවනම් ඔයා යාලුවෙලා ඉන්නෙ තනුර එක්ක නිසා."

"එහෙම එකක්නම් තියනවා තමයි"

"තවම?" ප්‍රශ්නාර්ථ ස්වරූපයක් මූනෙ මවගෙන මියුරු මන් දිහා බැලුවා.

"ඔව්." මම කිව්වෙ විශ්වාසයෙන්.

"මම නම් හිතන්නෙ නෑ තනුර කිව්ව විදිහට එහෙම එකක් තාම ඇති කියලා."

"ඔය කියන්නෙ රණ්ඩුව ගැන වෙන්නැති.ඒත් ඉතින් ආදරේදි ඔහොම දේවල් වෙනවනෙ" මම කියවගෙන කියවගෙන ගියා.

"තනුර මට කිව්වා සම්බන්දෙ ඉවරයි කියලා.ආය ඔයාව ඕනෙ නෑ කියලත්" මියුරු අයියා එකපාරටම කිව්වම මන් ගල් ගැහුනා.

"තනුර අයියා.." මට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි.මට වචන හිරවෙන්න ගත්තා.

"එයා කියන්න කිව්වා ආයෙ එයාට වදයක් වෙන්න එපා කියලා.මං ආවෙ ඒක කියන්න.ඔයා එයාව අතාරින එක හොඳයි.මොකද කියනවනම් මමත් ඇවිල්ලනෙ ඉන්නෙ" මියුරු එහෙම කියලා පුටුවෙන් නැගිට්ටා.ඒත් මම පුටුවෙ ඉඳගෙනම ගල් ගැහුනා වගේ බලන් හිටියා. මගෙ බලාපොරොත්තු ඔක්කොම බිඳිලා ගියා.ඒ එක්කම අම්මා සාලෙට ආවා.

"මම ගිහින් එන්නම් නැන්දෙ" එහෙම කියලා මියුරු අයියා ගියා.අම්මා මන් දිහා බල බලම එයා එක්ක එලියට ගියා.ටික වෙලවකින් අම්මා ආවෙ මට දෙස් තියන ගමන්.

"මනුස්සයෙක් යනකොට පොඩ්ඩක් එලියට යන්න ඕනෙ නේද?" අම්මා ඇහුවා.

"අනේ මන්දා" මම තේරුමක් නැති උත්තරයක් දුන්නා.

"මෙලෝ සිහියකින් නෙවෙයි ඉන්නෙ."අම්ම මට බැන බැනම ගියා.
ටික වෙලාවකින් මම කුස්සියට ගියෙ අම්ම හොයාගෙන.

තනුවDonde viven las historias. Descúbrelo ahora