තනුව හතලිස් අට හා හතලිස් නමවන වෙළුම්

399 64 0
                                    


                    ....🎶තනුව🎶....
             හතලිස් අටවන වෙළුම...

මම හිටියෙ හීනයක් දකින අතරෙ.තනුර අයියයි මමයි කැලයක් මැද දුවන ගමන් හිටියෙ.කවුරු හරි කෙනෙක් අපි පස්සෙන් පන්නන බව තමයි මම දැක්කෙ.ඒකෙනාගෙ හැඩහුරුකම දැකලා පුරුදු වුනත් මූණ නම් එච්චර පෙනුනෙ නෑ.කොහොම හරි මම දැක්කෙ එයා අපෙ පැත්තට පෙට්‍රල් විසිකරනවා.ඒ වගේම පත්තුකරපු ගිනිකූරක්.ඒකෙන් හතරවටේම ලොකු ගිනිජාලාවකින් වැහිලා ගියා.
ඒ හීනෙ මට දැනුනෙ ඇත්තක් වගේමයි. පෙට්‍රල් වල සැර සුවඳ මගෙ නහයට දැනුනා. ගින්දර වල උණුසුම මගෙ ඇඟට දැනුනා.ඒක ඇත්තක් වගේම තමයි.
මම නැගිට්ටෙ දාඩිය පෙරාගෙන හොඳටම බයවෙලා.වටපිට බලද්දි දැක්කෙ හීනෙ ඇත්තක් වෙලා තියනවා.

මට දැනුනෙ ලොකු රස්නයක්.ගෙදර පිටිපස්සෙ ලී වලින් ගොඩනගලා තිබුන කුස්සිය සම්පූර්ණයෙන්ම ගිනි ජාලාවක් වෙලා.ඒ ගින්න ගේ ඉස්සරහ පැත්තටත් පැතිරෙමිනුයි තිබුනෙ.ගෙදර පුරාවටම තිබුනෙ දුමින් වැහිලා.මම තනුර අයියා දිහා බැලුවා.

"අයියෙ. නැගිටින්න. නැගිටින්නකො." මම කිව්වෙ එයාගෙ උරහිසෙන් හොලවමින්.

"තව ටිකක් නිදාගන්න දෙන්න චූටියො." තනුර අයියා කිව්වෙ මගෙ අත අරගෙන ඔළුවට යටින් තියාගන්න ගමන්.

"නැගිටිනවා." මම කිව්වෙ තනුර අයියගෙ කම්මුල හයියෙන් මිරිකන ගමන්.එයා නැගිට්ටෙ කෑ ගහගෙන.

"මොනවද කරන්නෙ?"

"පේන් නැද්ද වෙන දේ?" මම එහෙම අහගෙන කාමරේට දිව්වෙ අම්මා ඇහැරවන් එන්න.

"ඉක්මනට එලියට යමු." මම කිව්වෙ අම්මව ඇහැරවන ගමන්.

"මොකද්ද පුතේ වුනේ. මොකද්ද මේ දුම?"

"කිය කිය ඉන්න වෙලාවක් නෑ.ඉක්මනට යමු."  මම අම්මවත් ඇදගෙන ඉක්මනින්ම ගෙදරින් එලියට ආවා. තනුර අයියත් මමත් අම්මත් ගෙදරින් එලියට පැනගත්තෙ හොඳටම කහින ගමන්.වෙලාව පාන්දර 2 ටත් ඇති.

"මල්ලි. කාවහරි එක්කන් එන්න මේක නිවන්න උදව් ගන්න.මම පුළුවන් තරම් දේවල් එලියට ගන්න බලන්නම්." තනුර අයියා කිව්වෙ කලබලෙන්.ඒක ඇහෙනවත් එක්කම මම දිව්වෙ උදව්වට කෙනෙක් හොයන්න.ඒ අතරෙ තනුර අයියා ගේ ඇතුලට දුවනව මන් යන්තමට දැක්කා.

තනුවNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ