සින්දුව පිට වෙලා දවසක් දෙකක් ගතවුනා.තනුර අයියත් මමත් බලාපොරොත්තු වුන දේ නම් තාම ඉටු වුනේ නෑ.චාරු අපිව අමතකම කරලා දාලා වගෙයි.මම හිටියෙ සෑහෙන දුකින්.
"අයියෙ චාරු කතා කලේ නෑනෙ?" මම කිව්වෙ ෆෝන් එකට ඔළුව ඔබාගෙන හිටපු තනුර අයියගෙ ඔළුවට ටොක්කක් අනින ගමන්.
"හ්ම්ම්. මාත් බලන් හිටියා කතා කරයි කියලා."
"එයා සම්පූර්ණයෙන්ම මාව අමතක කරලා වගේ අයියෙ"
"එහෙම නෑ මල්ලි. එයා සමහර විට ඔයාට මූණ දෙන්න බැරුව ඇත්තෙ."
"ඇයි?"
"එයා ඔයාට ගොඩක් ආදරේ කරන්න ඇතිනෙ.දැන් හිත හදාගෙන ඇත්තෙ.ඉතින් එයා ඔයා එක්ක කතා කරන්න බයෙන් ඇත්තෙ."
"මට තේරෙන් නැ අයියෙ." මම කිව්වෙ කිසිම දෙයක් නොතේරුන නිසා.
"එයාව ආපහු හම්බෙන්න එකම එක මාර්ගයක් තියනව අයියෙ.""ඒ මොකද්ද මල්ලි? ඔයා ඒ ගෙදරට යන්නද හදන්නෙ?"
"නෑ එයා කෙනෙකුට පොරොන්දුවක් වුනා.ඒ පොරොන්දුව ඉශ්ඨ කරන්න එයා ආපහු එයි." මම කිව්වා.
"කාටද?" තනුර අයියා ඇහුවෙ පුදුමයෙන් වගේ.
"එයා ගොඩක් ආදරේ කරපු කෙනෙක්ට.අදටත් එයා ඒ කෙනාට ආදරේ ඇති." මම කිව්වෙ විශ්වාසෙන්.
"අනේ මන්දා මල්ලි ඔයා මොනව කියනවද කියලා තේරෙන්නෙ නෑ.ඒක නෙවෙයි අපි දෙන්නා ඉස්සරට වඩා සෑහෙන්න දුරස් වෙලා කියලා හිතෙන්නෙ නැද්ද ඔයාට"
"ඒ ඇයි අයියෙ?"
"නෑ ප්රශ්න නෑ කියල හිතාගෙන පටන්ගත්ත ජීවිතේට ආපහු ප්රශ්නයක් ආවා. ඒකෙන් ආපහු අපි ඈත් වුනා වගේ."
"ඒ ඔයාට හිතෙන විදිහනෙ.මටනම් හිතෙන්නෙ අපි දෙන්නා ප්රශ්න නිසා තව ලංවෙනවා කියලා."
"කොහොම වුනත් මාව දාලා යන්නෙ නෑ නේද මල්ලි?" තනුර අයියා මගෙන් ඇහුවෙ ටිකක් සංවේදී වෙලා වගේ.
"නෑ අයියෙ කවදාවත් නෑ.ඔයා එලෙව්වත් යන්නෙ නෑ.ඒත්." මම කතාව නතර කලේ ඉතුරු ටික කිව්වොත් බැනුම් අහන්න වෙයි කියලා බයෙන්.