වේගෙන් ඇදහැලෙන වැස්ස මැද මන් ඉඳගෙන හිටියා.අකුණු එලියෙන් වටපිටාව මහ දවල් වගේ ආලෝකමත් වුනා.ඒත් මට ගේ ඇතුලට යන්න හිතුනෙ නෑ.වැහිදිය ඇඟ දිගේ ගලාගෙන යනකොට මගෙ හිතේ තිබුන දුක දියවෙලා යන්න පටන්ගත්තා.මම හිත හදාගන්න උත්සාහ කලා.රෑ සෑහෙන වෙලාවක් යනකොට මගෙ හිත ගොඩක් දුරට සංසුන් වෙලා.මන් ඒ වෙලාවෙ තීරණ දෙකක් ගත්තා.එකක් මම මාව හදාගත්ත අම්ම ලඟ එයාව බලාගෙන දිගටම ඉන්න බව.අනිත් එක කාගෙවත් ජීවිතයකට ආයෙත් සම්භන්ධ වෙන්නෙ නැති බව.තනුර අයියව අමතක කරන එක අමාරු වුනත් මාව අනවශ්ය නම් එතන ඉන්න එකේ තේරුමක් නෑ කියලත් මම හිතුවා.ඒත් ඒ තීරණය පසුතැවෙන්න හේතුවක් වෙයි කියලා හිතුවෙ නෑ.කොහොමහරි මන් එදා මුලු රෑම හිටියෙ එලියෙ.කිසිම කෙනෙක් මට බාදා කරන්න ආවෙ නෑ.
...................................................................
පහුවදා උදේම මම ගෙදර යන්න ලෑස්ති වුනා.මම තවමත් අම්මා එක්කවත් නැන්දා එක්කවත් වචනයක්වත් කතා කරල තිබුනෙ නෑ.මන් කාමරේට යනකොට තනුර අයියා ජනේලෙ අයිනෙ පුටුවක නිදි.මම ශීට් එක අරගෙන එයාට පොරවලා මගෙ ඇඳුම් ලෑස්ති කරගත්තා.කණ්නාඩි ඉස්සරහට ගියාමයි මන් මගෙ තුවාලෙ දැක්කෙ.තනියම තුවාලෙට බෙහෙත් දාන්න හදනකොට ටකේශා අක්කා මන් ගාවට ආවා.එයා මාවත් එක්කන් කාමරෙන් එලියට ආවා."කෝ දෙන්න ඕක මන් දාන්නම්" ටකේශා අක්ක මගෙන් ප්ලාස්ටර් එක ගත්තා.
"ඕනෙ නෑ අක්කෙ" මම කිව්වා.
"කටවහන් ඉන්න.ඔයා ඇයි කිව්වෙ නැත්තෙ ඊයෙ වෙච්ච දේ මට?
"මොකුත් නෑ අක්කෙ.කියන්න තරම් දෙයක් නෙවෙයිනෙ.
"ඒක පොඩි දෙයක් නෙවෙයිනෙ මල්ලි.තනුරත් තරහා වෙලා නේද ඉන්නෙ?"
"ඔව් කවුද ඔයාට කිව්වෙ?"
"තනුරගෙ තාත්ත කිව්වෙ.එයා එහෙම කරපු එකනම් වැරදියි.එයාට වඩා ඔයාට දුක හිතෙන්න ඇති."
"අවුලක් නෑ අක්කෙ මට.තනුර අයියගෙ තරහා සාදාරණයි.මම තමයි වැරැද්ද කලේ.මම එයා ලඟට නාව නම් මේ මොකුත් වෙන්නෙ නෑ."
"ළඟට නාව නම් කිව්වෙ?"
"ආ ඒ මේ. මම කිව්වෙ එයා ලඟ වැඩට ආවෙ නැත්තන් එයා මගෙ යාළුවෙක් වෙන්නෙ නෑනෙ.එතකොට එයා මාව මෙහෙ ගේන්නෙත් නෑනෙ" මම කිව්වා.
